𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 43

112 20 9
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 43]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

එදා ශෙන්ග් ගෙදර ආවට පස්සෙත් කල්පනා කරේ අයිවන්ගෙයි එයාගෙයි ඩේට් එක ගැන. ඒක සිද්ධ වෙලත් මාස ගාණක් ගිහින්.
ශෙන්ග්ට නිකන් අද ඊයේ වගේ දැනෙන්නේ. ඊටපස්සෙත් එයාලා කොච්චර සැරයක් එළියට ගියාද කියලා ශෙන්ග් ගණන් කරන එකත් නවත්තලා තියෙන්නේ. ශෙන්ග්ට තේරුමක් නැතත් අයිවන් කියන්නේ දැන් ශෙන්ගේ ජීවිතේම කොටසක් වෙලා.

ලියාම් ශෙන්ගේ හොඳම යාළුවා වෙද්දි අයිවන් ශෙන්ග් කියන්නේ කපල් එක කියලා මුළු කොලේජ් එකම කතා වෙනවා කියලා ශෙන්ග් ටිකක් විතර දන්නවා. ඒත් එහෙම එකක් නෑ කියන්න ශෙන්ග්ට බෑ. මොකද හිත යටින් එයත් කැමතියි ක⁣ට්ටිය එහෙම කියනවට. අනික අයිවන් වගේ කෙනෙක්ගේ හිත එයාට යනවා කියන්නේ ශෙන්ග්ට විශ්වාස කරන්නත් බෑ.
අයිවන්ට, රෙමිරෝට, ජොනතන්ට, එවන්ට කැමති ගෑණු ළමයි පිරිමි ළමයි මුළු කොලේජ් එකේම වැහි වැහැලා ඉන්නවා. සමහරක් අයට නම් පට්ට ජෙලස් කියලා ලියාම් කියනවා. ඒත් අනිත් අය එක්ක ගැවසෙන්නේ නැති නිසා ශෙන්ග් එච්චර ඒවා ගැන දන්නෑ. නැත්නම් එයාට ඇහුණත් ඒවා වැඩක් නෑ.
අනික එවන් කියන විදිහට කැම්පස් එකෙත් එහෙමලු. මැරෙන්න හදනවලු කොල්ලෝ ටිකට. එවන් මේ වෙනකොට කැම්පස් ගිහින් ඉවර වෙලා ඉන්න හින්දා එයාගේ සම්පූර්ණ කාලේම එයා දැන් ක්‍රිස්ටියන් එක්ක බිස්නස් වලට යොදවනවා. ශෙන්ග් හිතන් ඉන්නේ බිස්නස් කියලා වුනත් ඇත්තටම එවනුත් දැන් සම්පූර්ණායන්ම පැක් එකේ වැඩ වලට ඉන්වෝල් වෙලා ඉන්නේ.

ශෙන්ග් තාම ක්‍රිස්ටියන් ක්‍රෙශ්නියර්ව දැකලා නෑ. කට්ටිය වැඩිය කිව්වේ නැති වුණාට ක්‍රිස්ටියන්ට ක්‍රශ් අයක් ඉන්නවලු කොලේජ් එකේ. එයාව දැකලා නැතිවුණත් අයිවන්ලටත් වැඩිය හැන්ඩ්සම් ඇති කියලා කට්ටිය කතා වෙනවා ශෙන්ග්ට ඇහිලා තියනවා.

'ඒ වුණාට අයිවන් තමයි හැන්ඩ්සම්ම..'

ශෙන්ග් තනියම හිතුවේ කටත් ඇද කරගෙන.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now