𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 49

116 25 13
                                    

                           𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

ඒ අනිත් පැත්තට ලියාම්ගෙන් රිප්ලයි එකක් ආවා.

- අයිවන් කිව්වද සැzක් ගැන..? -

ශෙන්ග් ෆෝන් එකට රැව්වේ එයා දන්නේ නැති හැමෝම දන්න සැzක්ෆ්‍රොන් කවුද කියලා. අනික ලියාම් එයාට පෙට් නේම් එකකින් කතා කරන්න තරම්.

- නෑ... ඒකනේ මං ඔයාගෙන් ඇහුවේ මොට්ට ලියෝ!' -

'මේ ලියාම් නම්. අයියෝ අප්පා අයිවන් කිව්වනම් මම එයා⁣ගෙන් අහනවද..'

ශෙන්ග් තනියම බැන බැන ෆෝන් එකටත් රවනවා.

- එහෙනම් කොහොමද දන්නේ..?-

- අයිවන් කිව්වා හෙට එයාව මීට් වෙන්න මාව එක්කන් යනවා කියලා.. එයාට මාව බලන්න ඕන කියලා..-

- අහ් එහෙනම් ගුඩ් ලක්.. හෙටම බලාගන්න.. මම ට්‍රේනින්ග් දැන්.. බයි බාආආආආආආආආයියියියියියි ශේඒඒඒඒඒඒ..-

⁣ලියාම් ලග පාතක හිටියනම් හොද කොට්ට පාරක් යනවා. ශෙන්ග් කොට්ටයක් අරන් උඩින් යැව්වේ ඇඳේ එහාපැත්තේ කොනට.
'ඔච්චරටම ඕක කියන්න බැරිද!?'

ඒත් එක්කම ශෙන්ග්ට මතක් වුනේ ලියාම් ට්‍රේනින්ග් කියපු එක. ඒ කියන්නේ ඔමේගා ට්‍රේනින්ග් එක අයිවන් කියපු විදිහට. එයාටත් ආසයි දැන් ඒවා බලන්න. ඒත් එකපාරටම අයිවන්ට ඒවා පෙන්නන්න එක්කන් යන්න කියන එක හරි නෑ කියලා ශෙන්ග්ට හිතුණා. අනික එහෙම කිව්වට අයිවන් එක්කන් යන එකකුත් නෑ.
අනික අර ක්‍රිස්ටියන්ව ක්‍රෙශ්නියර්ව හම්බවෙලා එක්කන් යන්නම් කිව්වට පස්සෙත් අහන්න බෑනේ.
'ඒත් අප්පා ඔය ඇල්ෆා ලගට යන්නම ඕනේ නැතුව ඇතිනේ.. අනික මම එයා⁣ලගේ පැක් එකේ අයට කරදරයක් කරන්න යන්නේ නෑනේ'

ශෙන්ග් ඒ වෙලාවේ නම් හිතුවේ එහෙම. ඒත් කවුද දන්නේ ඉස්සරහට මොනා වෙයිද කියලා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now