𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 03

134 24 4
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 03]

____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

"..ශෙන්ග්!!.."

කොල්ලා උඩ ගිහින් පියවි සිහියට ආවේ සොෆියාගේ සද්දෙට. 
'රෑට කන්න හදන්න බෙරිහන් දෙන්නේ.. ඇයි අප්පා හදාගෙන කන්න බැරි..'

ශෙන්ග් තනියම හිත හිත කම්මුල් ⁣දිගේ වැක්කෙරුණු කඳුළුත් පිහිදගෙන ගෙට ගියේ රෑට කෑම හදන්න. අවුරුදු දොළහට කොල්ලා අවුරුදු දාහතක දහඅටක මනුස්ස⁣යෙක් කරන්න ඕන වැඩ කරනවා. ශෙන්ග්ගේ කලින් රෝස පාටට තිබ්බ අල්ල ගොරෝසු වෙලා. කරගැට ඇවිත් පුපුරලා. තැනින් තැන පිච්චිච්ච පාරවල්. මුල් දවස්වල කොල්ලා උයන්න දන්නේ නැති කාලේ පිච්චුන ඒවා. ශෙන්ග්ගේ ඩැඩී ශෙන්ග්ව අතැරියාට පස්සේ කොල්ලාගේ ජීවිතේ කැඩිලා බිඳිලා ගියේ බලාගෙන ඉද්දි.

කොච්චර ගෙදරදි වද දුන්නත්, ගෙදර වැඩ කරව ගත්තත් ශෙන්ග්ගේ ඩැඩීටයි, සොෆියාටයි කොල්ලා ඉස්කෝලේ යවන්නේ නැතුව නවත්ත ගන්න බෑ. ශෙන්ග්ගේ මමී නැතිවුණාට පස්සේ ගවර්මන්ට් එකෙන් ඇවිත් චෙක් කරලා ඒ හැමදේම මාක් කරලා ගිහින් තිබ්බේ.

කල්පනා කර කර කෑම හදන්න ගත්ත කොල්ලගේ අතින් භාජනයක් ලිස්සලා ගිහින් බිඳුනේ මුළු ගේම දෙදරලා යන සද්දෙන්.
'ශිට් අද ඉවරයි!"

"..ශෙන්ග් ෂින්ග් ලී!!!!!.."

කුඩම්මගේ කටහඬ දෙදුරුන් කෑවේ මහ හයියෙන්. ඒ වෙනකොට ශෙන්ග්ගේ ඩැඩී නයිට් ශිෆ්ට් එකට ගිහින්. කොල්ලා දඩබඩ ගාලා බිඳුණු භාජනේ කෑලි අහුලන්න ගත්තේ සොෆියා පහලට එන්න කලින්.

"..ආහ්හ්හ්හ්හ්!!.."

ශෙන්ග්ගේ පිට හරහා හයියෙන් වැදුනේ සොෆියාගේ අත. එහාපැත්තේ තිබ්බ ලී හැන්දක් ගත්ත සොෆියා බිම ඉඳගෙන භාජන කෑලි අහුලන ශෙන්ග්ට ගහන්න ගත්තේ ඉවසීමක් නැතුව.

"..මමී.. මමී.. ඇති.. ඇති.. අයියා.. අයියා.."

සැලීගේ ඇඬුම් මැද්දෙන් ශෙන්ග් වේදනාවෙන් කෑගැහුවේ ඒත් සොෆියා නවත්තන්නේ නැතුව ගහද්දි.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now