𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 55

108 23 9
                                    


                           𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

ශෙන්ග් බලන් හිටියේ එයාගේ රූම් එකේ තියන ඔරලෝසූවේ කට්ට කැරකෙන දිහා. තව විනාඩියකින් එයාට අවුරුදු දහ අටයි. තව එයාගේ මමීගේ අටවෙනි ඩෙත් ඇනිවසරි එක.

අයිවන් ශෙන්ග්ට ක්‍රෙශ්නියර් මැන්ෂන් එකේ පාර්ටි එකක් තියන්න ප්ලෑන් කරත් පෝලූයි රීටායිත් ඉන්න හින්දා මේ සැරේ ඒක කරන්න වුනේ නෑ. මොකද ක්‍රිස්ටියන් කිසිම වෙලාවක පිට මනුස්සයෙත්ට පේන්න එන්නේ නැති නිසා. ඒක හින්දා උදේ ශෙන්ග්ගේ අපාර්ට්මන්ට් එකේ පෝලුයි රීටායි එක්ක කේක් කපලා පස්සේ රෑට තමයි ක්‍රෙශ්නියර් මැන්ෂන් එකේ එයාලා කට්ටියට විතරක් පාර්ටි එකක් තියන්න අයිවන් රෙඩි කරේ.

හරියටම රෑ දොළහා වෙද්දි ශෙන්ග්ගේ ෆෝන් එක රින්ග් වුනා.
'අයිවන්'

ශෙන්ග් ආන්සර් කරපු ගමන්ම අයිවන් කිව්වේ අපාර්ට්මන්ට් එකෙන් එළියට එන්න කියලා.
ඇඳගෙන හිටිය පිජාමා කිට් එකෙන්ම එයාගේ ෆ්ලෆී ස්ලයිඩ්ස් දෙකත් දාගෙන ශෙන්ග් හිමින් සැරේ අපාර්ට්මන්ට් එකෙන් එළියට ආවා. පහලට ඇවිත් ⁣ගේට් එකෙනුත් එළියට ආවම තමයි ශෙන්ග් අයිවන්ව දැක්කේ.

ශෙන්ගේ පපුව ගැහෙන වේගේ වැඩිවෙද්දි එයා එතනම නැවතිලා බයික් එකට හේත්තු වෙලා අහස දිහා බලන් ඉන්න අයිවන් දිහා බලන් හිටියා.

වයිට් කලර් නයික් ආම් කට් ස්කිනි එකක් ඇදලා ඒකට උඩින් ඩාක් බ්‍රවුන් කලර් ලෙදර් ජැකට් එකක් දාලා බ්ලැක් කලර් ස්පොර්ට්ස් ශෝට් එකක් ඇදලා බ්ලැක් කලර් ග්ලවුස් දාලා හෙල්මට් එකත් ඔළුවෙන්ම උස්සන් නළලට දාගෙන ඉන්නවා දැක්කම ශෙන්ග්ට හිතු⁣ණේ අයිවන් වෙනදටත් වැඩිය හැන්ඩ්සම් කියලා.

ශෙන්ගේ අඩි සද්දෙට අයිවන් ශෙන්ග් දිහාට හැරුණම තමයි ශෙන්ගේ හාට්බීට් එක එයා හිතුවේ නැති විදිහට වැඩිවෙන්න ගත්තේ.
'මේ මනුස්සයා මෙච්චර හැන්ඩ්සම්ද..?'

ශෙන්ග් ඇවිත් අයිවන් ඉස්සරහා හිටගත්තම අයිවන් ශෙන්⁣ගේ ඉනවටේට අත්දෙක යවලා කොල්ලව එයාගේ ලගට ඇදලා ගත්තා. අත්දෙකත් ⁣අයිවන්ගේ පපුවට තියාගෙන ශෙන්ග් හිටියේ බෙල්ලත් ඇල කරගෙන අයිවන්ගේ මූණ දිහා බලාගෙන.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now