𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 27

127 17 8
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 27]

            ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

"..මොකක්ද මමා කැටී කිව්වේ..?"

"..අර එදා කවුරුහරි එයාගේ මායාව බිඳගෙන එන්න ට්‍රයි කරා කිව්වේ මතකද..?"

ජොනතන් කොල්ලෝ දෙන්නා දිහා බැලුවේ කලින් දවසක වෙච්ච ඒ සිදුවීම එක මතක් කරලා.

"..ඔව්.."

"..එයාට ඒක අදත් දැනිලා.. ඒත් හැබැයි වෙනදා තරම් නෑලු.."

"..වෙනදා තරම් නෑ කියන්නේ..? අනේ මන්දා මං මේ කල්පනා කරන්නේ ඒ මොකක් වෙන්න ඇතිද කියලා.."

එවන් කිව්වේ නළල දෙපැත්ත ඇඟිලි දෙකෙන් තද කරගෙන.

"..ආ⁣යේ ඔළුව කැක්කුමද..?"

ජොනතන් එවන්ගෙන් අහද්දි එවන් ඔව් කියන්න ඔළුව වැනුවා. ඒක දරාගන්න බැරි කැක්කුමක් නෙමෙයි. ඒත් හිටපු ගමන් එනවා යනවා.

"..හ්ම්ම්.."

"..මමා කැටී කිව්වනේ ඒකෙන් පැක් එකට ත්‍රෙට් එකක් නෑ කියලා.. ඒත් ඒ කවුරු වෙන්න පුලුවන්ද..?"

ක්‍රිස්ටියන් හිටියේ සෑහෙන ලොකු කල්පනාවක. මේක ⁣ සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මුළු පැක් එකටම බලපාන ප්‍රශ්නයක්. කවුරුහරි සැරින් සැරේ සිටි බෝඩර් එක ඇතුලට එන්න හදන එක.

'මමා කැටී'

'යම් බේබි..'

'මමා කැටීට ෂුවර්ද ඒකෙන් පැක් එකට කරදරයක් නෑ කියලා?'

'දැන් මට ඒක දැනෙන්නේ ලාව.. මම තව ගාඩ් එක වැඩි කරා.. කවුරු වුනත් එයාට කොහොමත් ඇතුලට එන්න බෑ ක්‍රිස්.. ඩෝන්ට් වොරි.. ම්ම්ම්..'

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now