𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 57

114 24 9
                                    


𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

සතියක් ගෙවිලා ගියේ බලාගෙන ඉද්දි. ක්‍රිස්ටියන්‍, ලියාම්‍, ශෙන්ග් ඇරෙන්න ඉතුරු හැමෝම එවන්ගේ මේට්ව මේ වෙද්දි දැකලා තිබ්බා.
ශෙන්ග් ලියාම් දෙන්නා කොච්චර ට්‍රයි කරත් ඒ දෙන්නගේ වැඩත් එක්කයි‍, තනියම එහෙට මෙහෙට යන්න හම්බවෙන්නේ නැති රූල් එක හින්දයි එයාලාට තාම එවන්ගේ මේට්ව බලාගන්න හම්බවුණේ නෑ.
සතියකට පස්සේ ඊළඟ සඳුදා⁣ ශෙන්ග්ලට ලෙක්චර්ස් තිබ්බේ දවල් වරුවක. එදාට තමයි අළුත් ෆස්ට් ඉයර් ළමයි වගේම ඉතුරු ඉයර්ස් වලට තෝරගත්ත ළමයිනුත් කොලේජ් එකට එන ෆස්ට් ඩේ එක.

"..ශේ ඇයි අවුලෙන් වගේ..?"

අයිවන් ඇහුවේ උදේ ඉඳලා ශෙන්ග්ගේ මූණ පොඩ්ඩක් හරි නැති නිසා. හරි⁣ තෙහෙට්ටු පාටක් එක්ක මූණත් එක්ක අඳුරු පාට ගැහිලා කොල්ලගේ.

"..අනේ මන්දා අයිවි.. හිතාගන්න බෑ.. නිකන් හිතට හරි නෑ වගේ.. අමුතු බයක් වගේ එකක් දැනෙනවා.."

ශෙන්ග් කියද්දි අයිවන් එයා කර කර හිටිය වැඩේ නවත්තලා ඇවිත් ශෙන්ග්ව එයාට තුරුල් කරගත්තා. සමහර දවස් තිබ්බා ශෙන්ග්ට මෙහෙම ගෙවෙන. පරණ වෙච්ච දේවල් එයාගේ මතකෙන් නැත්තටම නැති වෙලා ගිහින් නෑනේ. ඒ සිදුවීම් මතක් වුනේ නැතත් හිටපු ගමන් ශෙන්ග්ට මේ වගේ දැනෙන දවස් තිබ්බා. ⁣
මේක ගැන කියලා ශෙන්ග්ව අයිවන් පැක් එකේ ඩොක්ටර්ස්ලටත් පෙන්නුවා.
ශෙන්ග්ව බලපු ඩොක්ටර් කැලන් කිව්වේ එයාලා හිතනවට වැඩිය ශෙන්ගේ මෙන්ටැලිටි එක සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා. අනික ශෙන්ග් කියන්නේ ගණින්න බැරි තරම් වාර ගාණක් සුයිසයිඩ් කරගන්න ගිය ළමයෙක් හින්දා එයාව ගොඩක් පරිස්සම් කරන්න ඕන කියලා. ඉතින් එහෙම ළමයෙක්ගේ මානසික මට්ටම අවුරුදු දෙකකින් තුනකින් බැක්ටු නෝමල් වෙන්නේ නෑ ඒකට සෑහෙන කාලයක් යනවා කියලා. ඒ වගේම එයාට දෙන ආදරය පොඩ්ඩක්වත් අඩු කරන්නවත් එයාට කිසිම වෙනස්කමක් කරන්නවත් එහෙම දැනෙන්නවත් දෙන්න එපා කියලා.
ශෙන්ග් කියන්නේ ඉරිතැලිලා ගිය වීදුරුවක් ඒක ලාවට පොඩ්ඩක් හරි තද කරලා ඇල්ලුවොත් කොයි වෙලේ බිඳිලා යයිද දන්නෑ කියලා. ඒක නිසා හැමවෙලේම එයා එක්ක පුදුම පරිස්සමෙන් ඉන්න ඕන කියලා.
ඉතින් ඒක හින්දම අයිවන් ශෙන්ග්ව බලාගත්තේ පුදුම පරිස්සමෙන්. ශෙන්ග්ට වෙච්ච දේවල් අනිත් අය හරියටම දැනගෙන වුන්නේ නැතත් එයාලත් ශෙන්ග්ව පුදුමාකාර විදිහට පරිස්සමෙන් ආදරෙන් බලාගත්තා. එයාලා බයවුණ දේ තමයි⁣ ශෙන්ග් සෑහෙන වාර ගාණක් සුයිසයිඩ් කරගන්න ගියා කියපු එක. එයාලා ඒක දැනගෙන හිටියේ නෑ. ගෙදරින් වෙච්ච කරදර ගැන කොල්ලෝ ටික සේරම දැනගෙන හිටියත් ලූක්ලගෙන් වෙච්ච දේවල් දැනගෙන හිටියේ පෝලූයි‍, රීටායි‍, අයිවනුයි විතරයි. එදා ශෙන්ග් ගැන හොයන්න යනකොට ශෙන්ග්ට ගෙදරදි වෙච්ච කරදර ප්‍රශ්න ටික ලියාම් අනිත් අයට කිව්ව නිසා තමයි එයාලා වුනත් ඒ දේවල් ගැන දැනගත්තේ. ඒත් ඒ කවුරුත් එයාලා ඒ ගැන දන්නවා කියලා ඉඟියක්වත් ශෙන්ග්ට දුන්නේ නෑ.
ශෙන්ග්ට ගෙදරින් වෙච්ච දේවල් වලට අමතරව තව මොනා හරි ලොකු දේවල් ටිකක් වෙලා තියනවා කියලා අනිත් අයට තේරීලා ඒ ගැන අයිවන්ගෙන් ඇහුවම අයිවන් උත්තර දුන්නේ ඒක ඇත්ත කියලා.
ඒත් එයා මොනාද වුනේ කියලා කිව්වේ නෑ. අනිත් අයත් ඒ මොනාද කියලා ඇහුවෙත් නෑ. සෑහෙන වාර ගාණක් සුයිසයිඩ් කරගන්න යන්න තරම් බරපතළ දෙයක් වෙලා කියලා විතරක් එයාලා තේරුම් ගත්තා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now