𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 51

114 23 12
                                    


                           𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

"..ශේඒඒඒඒඒඒඒඒඒඒ.."

"..ලීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.."

ලියාම් හිටියේ එවන් එක්ක බයික් එකේ. ශෙන්ග් හිටියේ අයිවන් එක්ක බයික් එකේ. දැන් මේ විනාඩි තුනේ දුරට බයික් දෙක රේස් යනවා.

ශෙන්ග් මූන්ලයිට් සිටි එකේ නවතින්න ආවට පස්සේ අයිවන් පුරුද්දට හැමදාම ශෙන්ග්ව කොලේජ් එක්කන් යනවා එක්කන් එනවා. එයාට බැරිවුණොත් කොල්ලෝ ටිකගේ කවුරුහරි එක්කන් යන්න එන්න එවනවා. එහෙමත් නැති දවස්වලට පෝල් එක්ක තමයි ශෙන්ග් කො⁣ලේජ් යන්නේ. කලින් තනියම යන්න අවුලක් වුනේ නැතත් අයිවන් එයාට බ්ලූ-මූන් වුල්ෆ් පැක් එක ගැන කිව්වට පස්සේ ඉදලා එයාට තනියෙන් කොහෙවත් යන්න හම්බවුණේ නෑ.

ඊටපස්සේ දවසේ ලියාම්ව හම්බවුණාම ඉතින් ශෙන්ග්ට පුදුම ප්‍රශ්න ගොඩක් තිබ්බේ ලියාම්ගෙන් අහන්න. ලියාමුත් එයාට පුලුවන් පුලුවන් විදිහට ශෙන්ග්ට උත්තර දුන්නා. එතකොට මූන්ලයිට් සිටි කොලේජ් එකේ වෙයාර්වුල්ෆ්ස්ලා ඇරුණම තව එක එක කට්ටිය ගොඩක් ඉන්නවා කියලා ශෙන්ග් දැනගත්තා. ඒ වගේම ශෙන්ග් එයාලාව පෙන්නුවා. ටයිලර් කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා දැනගත්තම ශෙන්ග්ට කලන්තේ හැදුනේ නැති ටික විතරයි.

ඊටපස්සේ ඔය අතරතුර දවසක මාකස් ගැනත් විස්තර දැනගත්තා. ඒක ශෙන්ග් දැනගත්තේ අයිවන්ගෙන්. ඒ එයාව එක්කන් යන්න එන්න අනිවාර්යයෙන් කවුරුහරි එනවා කියලා ⁣අයිවන් ශෙන්ග්ට කිව්වම. ඊටපස්සේ 'ඒ ඇයි එහෙම කරන්නේ‍, මොකක්ද හේතුව‍, අරකද මේකද' කියලා ශෙන්ග් ප්‍රශ්න අහද්දි අයිවන් ක්‍රිස්ටියන්ගෙන් අවසර අරගෙන මාකස් ගැන කියලා දැම්මා.
ඒක ඇහුවට පස්සේ නම් නපුරු ඇල්ෆාට වෙලා තියෙන දේවල් ගැන චුට්ටක් දුක හිතිලා නපුරු කමෙන්ට්ස් ටිකක් විතර අඩු කරන්න තරම් ශෙන්ග් කරුණාවන්ත වුනා. මේ සේරම කෝලම් හුරතල් ක්‍රිස්ටියන් මයින්ඩ් ලින්ක් එකෙන් අහගෙන ඉන්නවා කියලා ශෙන්ග් දන්නේ නෑ. අයිවන් එයාට ඒක කියන්න ⁣ගියෙත් නෑ.

ශෙන්ග්ට බ්ලූ-මූන් වුල්ෆ් පැක් එක බලන්න යන්න ඕන වුනත් ඒකට මේ වෙනකන් අයිවන්ට වෙලාවක් තිබ්බේ නෑ. අනික ඒ වෙනකොට ශෙන්ග්ටත් කොලේජ් එකේ මිඩ් ඉයර් එක්සෑම් එකත් එක්ක වැඩ ගොඩක් ගොඩ ගැහිලා තිබ්බේ.
ඉතින් ඒ හේතුව නිසා එයාටයි ලියාම්ටයි අනිත් දේවල් වලට යොදවන්න කාලයක් තිබ්බේ නෑ. අයිවන් කියපු විදිහට මිඩ් ඉයර් එක්සෑම් එක ඉවර වුනාම හම්බවෙන බ්‍රේක් එකේ බ්ලූ-මූන් වුල්ෆ් පැක් එක බලන්න යන්න තමයි එයාලා ප්ලෑන් කරන් හිටියේ. අනිත් එක තමයි කලින් ඉයර් එකේ වගේම මේ ඉයර් එකෙත් ලියාම්-ශෙන්ග් තමයි ඉයර් ප්‍රොජෙක්ට් පාට්නර්ස්ලා. ඒකේත් සෑහෙන වැ⁣ඩ තොගයක් තිබ්බා දෙන්නට එකතු වෙලා කරන්න.
ඉතින් ඒක හින්දා එයාලාට හැරෙන්නවත් වෙලාවක් ඉතුරු වෙලා නෑ.⁣
කොහොම හරි මිඩ් ඉයර් එක්සෑම් එක ඉවර වෙන්න තිබ්බේ සමර් එකේ අන්තිම කාලේ වගේ.
ඊටපස්සේ අර්ලි ඕටම්න්.
ෆෝල් සීසන් එක..
ශෙන්ග්ගේ ආසම කාලේ.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now