𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 33

125 26 10
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 33]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

ශෙන්ග් දිවත් හපාගෙන චිත්‍රයක් අඳිනවා. එයාගේ එහාපැත්තේ ලියාම් පණ දාගෙන මොනවදෝ ලියනවා.

"..ඇයි අපිට මේවා ප්‍රින්ට් කරලා ⁣හදන්න බැරි..?"

ලිය ලිය හිටිය ඉන්ක් පෙන් එක පැත්තකට දාලා ලියාම් මුණක් ඥොක්කන් කරන් ඇහුවේ ශෙන්ග්ගෙන්.

"..ඕ මයි ගෝඩ්! ඒකේ ලස්සන.."

ශෙන්ග්ට හිතුණේ එයාගේ කම්මුල් දෙක රත් වෙලා යනවා වගේ. එයා⁣ එයාලගේ ප්‍රො⁣ජෙක්ට් එකේ කවර් එකට තමයි මේ චිත්‍රේ අඳින්නේ. ලියාම්ටත් චිත්‍ර අඳින්න පුලුවන් වුනාට එයා ලියන වැඩ ටික බාර අරන්⁣ ශෙන්ග්ට දුන්නා අඳින ඒවා කරන්න කියලා. ඒ වෙනකොට ශෙන්ග් එයාට එයාගේ ස්කෙච් බුක් එකත් පෙන්නලා තිබ්බේ. ඒ ඇඳලා හිටිය බ්‍රවුන් වුල්ෆ්ස්ලා දැක්කම ලියාම්ට නම් හෙන ආඩම්බරයක් දැණුනේ. එච්චරටම ලස්සනයි ඒවා.

ඉතින් ඒකෙන් මේකෙන් ලියන වැඩේ ලියාම් කරද්දි අඳින වැඩේ ශෙන්ග් කරා. එයාලට ෆයිනල් එකේ විතරයි ප්‍රො⁣⁣ජෙක්ට් එක ප්‍රින්ට් කරලා අරන් හදලා දෙන්න පුලුවන්. ඉතුරු අවුරුදු තුනේම කරන්නේ අතින් ලියන එක. එපා වෙන වැඩක් වුනත් ⁣කට්ටිය ඒකට කැමතියි. අනික එතකොට වටිනාකමත් වැඩියි.
ශෙන්ග්ටයි ලියාම්ටයි මතකයි කලින් එවන් කොලේජ් එකේ ඉද්දි කරපු ප්‍රොජෙක්ට් එකක් ප්‍රොෆෙසර් පෙන්නුවා. ඒක තමයි ඉයර් ප්‍රොජෙක්ට්ස් වලින් හොදම එක වුනා කිව්වේ.

"..මේකේ තව ටිකයි තියෙන්නේ.. එතකොට කවර් එක හරී.."

ශෙන්ග් කිව්වේ දිගටම පේන්ටින්ග් එක කරන ගමන්. ලියාම් පිටු දහයකට විතර කිට්ටුවෙන්න ලියලා ඉවරයි. තාම පටන් ගන්න හරිය හින්දා ඔච්චරයි.

⁣ශෙන්ග් ඇස් කොණින් දැක්කා ලියාම් කොල ටිකත් පිළිවෙලට හදලා තියලා එතනම බිම දිගැරෙනවා. දෙන්නා ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ. ක්ලාස් රූම් එකේ ඉදන් වැඩ කරනවට වැඩිය නිදහස් මෙහෙම ඉන්න එක. මේ යන්⁣නේ එයාලගේ ලන්ච් බ්‍රේක් එකට කලින් හම්බවෙන පැයක ෆ්‍රී ටයිම් එක. මේක දෙන්නේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධ දේවල් කරගන්න. ඊටපස්සේ ලන්ච් බ්‍රේක් එක. ඊටපස්සේ ආපහු උගන්නන්න ගන්නවා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now