𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 41

84 13 3
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 41]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

ශෙන්ග් හිටියේ ජනේලේන් එළිය බලාගෙන. අද ශෙන්ග්ලට කොලේජ් නිවාඩු දවසක්. එළියේ ලාවට වහිනවා. ඔක්තෝබර් එන්ඩ් එක කියන්නේ ඉතින් සැරින් සැරේට වහින කාලේ.
ගෙදර ඉස්සරහා හදලා තියන හැලෝවීන් ඩෙකරේෂන්ස් සේරම තෙමෙනවා. මේ කාලේට තමයි ⁣ශෙන්ග් ආසම. එයාගේ රෙඩ් මේප්ල් ට්‍රී එකට මුකුත් වෙලා නැත්නම් දැන් ඒකත් ටිකක් ලොකු වෙලා ඇති. රෙඩ් මේප්ල් කියන්නේ ඉක්මනට හැදෙන ගහක්නේ.
එතනින් එයාගේ මතකේ ගියේ Litochoro විලේජ් බෝඩර් එක ලග තියෙන ලොකු රෙඩ් මේප්ල් ට්‍රී එක ගාවට. කලින් සැරේ නම් එයා සැරින් සැරේ ඇවිත් ඒක යට ඉදන් පොත් කියෙව්වා එක එක දේවල් කරානේ. එයා ⁣ඒ ගමට ආව මුල් කාලේ.
දැන් අවුරුද්දකුත් ගිහින් ඉවරයි එයා විලේජ් එකට ඇවිත්.

වැහි බිංදු සද්දේ එන්න එන්න වැඩි වෙද්දි ශෙන්ග් ලොකු හුස්මක් ගත්තා. මේ සුවඳට එයා ආසයි.
වත්තේ තියන මේප්ල් ගස් වල කොළ වැස්සට තෙමෙද්දි එන සුවඳට. එයා මතක ඇති කාලේ ඉදලා ඒ සුවඳට ආසයි. කොළ හැලෙන කාලේට තියෙන රතු, දුඹුරු, කහ, තැඹිලි පාට පරිසරයට එයා පොඩි කාලේ ඉදලම ආසයි. ඒ කොළ වලට වතුර වැටිලා පෙඟෙද්දි එන සුවඳට ශෙන්ග් පිස්සු හැදිලා හිටියේ.

වැස්ස ටික ටික තද කරද්දි ශෙන්ග් ජනේලේත් වහලා දාලා එයාගේ රූම් එකට ආවා. උදේ ඩැඩී එක්ක බුක් ශොප් එකට යන්න හැදුවත් ඩැඩී එයාව එක්කන් ගියෙත් නෑ. ගෙදර ඉන්න තියන දවසටත් වැඩ කරන්න එනවා කියලා.
මමීත් මොනා හරි මහන ගමන් හිටියේ. ශෙන්ග් එහෙම්ම ඇවිත් උඩුබැලි අතට ඇඳට වැටුනේ අයිවන් ගැන කල්පනා කරන ගමන්. කොයිවෙලෙත් එයාට අයිවන්ව මතක් වෙනවා. ඒක නතර කරගන්නම බෑ⁣. අනික දැන් දවසක්ම අයිවන්ව දකින්න වෙන්නේ නෑ.
ශෙන්ග් යටිතොල නොපිටට පෙරල ගත්තේ හුරතල් විදිහට. කෝල් කරන්නවත් විදිහක් නෑ⁣නේ. ගෙදර ෆෝන් එකෙන් ගන්නත් පුලුවන්. ඒත් මමී පහලනේ. එයා බැලුවොත් කවදාවත් නැතුව ඇයි අයිවන්ට කෝල් කරන්නේ කියලා.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now