𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 64

67 11 0
                                    

Episode 64 delete වෙලානේ අප්පා 😒💔
දැන් මේ ආයේ දැම්මා..
ඔයාලාට මම කලින් දැම්ම Episode 64 පේනවද..?!
.
.
.

𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

"..අපි මේ කොහෙද අයිවි යන්නේ..?'

අයිවනුයි ක්‍රිස්ටියනුයි ලියාමුයි එක්ක ශෙන්ග් මහ කැලෑවේ ඇතුලටම ඇවිදගෙන යන ගමන් හිටියේ.

එදා සිදුවීම වෙලා සතියක් විතර ගිහින්. අනික එදායින් පස්සේ ශෙන්ග් නිකන් ඉද්දි හිටියෙත් හිතේ බයෙන්. පළවෙනි දවස් දෙක තුන අයිවන් මුළු රෑම ඇහැරගෙන. දවල්ට කියලත් වෙනසක් නෑ. එයා ශෙන්ග් ලගින් හෙලවුනේවත් නෑ. ශෙන්ග් ඒ දවස් දෙක තුන හිටියෙත් අවසිහියෙන් වගේ. ශෙන්ග්ට හැමවෙලේම හිතුණේ ලූක් දැන් මේ සිටි එකටත් ඇවිත් ඉන්න හින්දා කොයිවෙලේ ආපහු එයා ලගින් මතුවෙයිද දන්නෑ කියලා. එච්චරටම බයක් එයාගේ හිතේ තිබ්බා. අඩුම එයා පෝල් රීටා දෙන්නටවත් අඩුම පැක් හවුස් එක පැත්තටවත් එන්න එපා කිව්වා. එයාට බයක් තිබ්බා ඒ දෙන්නා පැක් හවුස් එකට ආවොත් ඒ දෙන්නගේ පස්සෙන් ලූක්ලා මෙහෙටම එයාව හොයාගෙන එයි කියලා.

එදා ඩොක්ටර් කැලන් කිව්වා ශෙන්ග්ව කවුන්සිලර් කෙනෙක් ගාවට යවන්න වෙයි කියලා. ඒ තරමට එයාගේ මෙන්ට්ලි ඩැමේජ් එක සෑහෙන්න දරුණුයි කියලා. ඉස්සරහට වුනත් ටිකක් කල් යනකන් නිකන් ඉද්දි වුනත් එයා ගැන සෑහෙන අවධානයෙන් ඉන්න කියලා ඩොක්ටර් කැලන් අයිවන්ට ස්පෙශල් කරලම කිව්වා. තව එයාට සෙල්ෆ් හාම් කරගන්න පුලුවන් දේවල් තියනවා නම් ඒ හැමදේමත් අයින් කරන්න කියලා. එයාගේ හිස්ට්‍රී එකේ සෙල්ෆ් හාර්මින්ග් රෙකෝර්ඩ්ස් තිබ්බේ නැතත් පරිස්සම් වෙන එක කොයි එකටත් හොදයි කියලා තමයි ඩොක්ටර් කැලන් කිව්වේ.

ශෙන්ග් මූන්ලයිට් සිටි එකට යන්න බයවුණ හින්දා අයිවන් ශෙන්ග්ව බ්ලූ-මූන් පැක් එකේම නවත්ත ගත්තා. දවස් දෙකක් විතර පෝල්ටයි‍, රීටාටයි විතරක් මෙඩි හවුස් එකට ඇවිත් ශෙන්ග්ව බලලා යන්න කියලා ක්‍රිස්ටියන් පර්මිෂන් දුන්නා. ඒකත් එයාලා පැක් එක ගැන කෙල බිංදුවක් හරි පිට කරන්න බෑ කියන මරණ තර්ජන උඩ. ඒ තර්ජන නිකන් හිස් පුහු ඒවා කියලා අයින් කරන්න බෑ කියන්නත් පෝල් රීටා දැනෙගෙන හිටියා. ඒත් ප්‍රශ්නේ තිබ්බේ ශෙන්ග් එයාලා එනවටත් බයවුණ එක. ඒක හින්දා අයිවන්ට සිද්ධ වුනා හැමෝටම හොරෙන් තමයි එයාලව පැක් හවුස් එකට අරන් එන්නේ කියලා ශෙන්ග්ට ඒත්තු ගන්වන්න. ඊටපස්සේ තමයි එයා පොඩ්ඩක් විතර කාම් ඩවුන් වුනේ.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now