𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 08

103 19 2
                                    

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 08]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

"..මිස්ටර් ඩැනියෙල්.."

ශෙන්ග් කිව්වේ අමාරුවෙන් හිනාවක් මූණට ගන්න ගමන්. එදා සීන් එකෙන් පස්සේ ශෙන්ග් මිස්ටර් ඩැනියෙල්ට වැඩිය මූණ දෙන්න ගියේ නෑ. ඒ වගේම එයාව තරහා කරගන්න උවමනාවක් තිබ්බෙත් නෑ. මොනා වුනත් මිස්ටර් ඩැනියෙල්ගෙන් ඉගෙනගත්ත දේවල් ශෙන්ග්ට එක්සෑම් එකට ඇත්තටම වැදගත් දේවල්.

"..⁣කොහොමද ශෙන්ග්..? මේ දවස් ටික නිවාඩු නෙහ්..? මේ අළුත් යාළුවෙකුත් ඉන්නේ.."

මිස්ටර් ඩැනියෙල් කිව්වේ ලූක් දිහත් බලලා. ලූක් කරේ කට කොනකින් හිනාවුණ එක විතරයි. මේ ටික වෙලාවට ලූක්ට නම් මිස්ටර් ඩැනියෙල්ව දිරවන්නේ නැති වෙලා තිබ්බේ.

⁣ශෙන්ග් හිනාවෙලා ඔළුව වැනුවේ ඔව් කියන්න. කොහොමත්⁣ ශෙන්ග් වැඩිය කතා කරන්නේ නෑනේ. ලූක් ⁣එක්ක වෙන්නැති මෙච්චර කාලේකට වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ.

"..හරි හරි රිසාල්ට්ස් ආවම කොලේජ් එනවනේ.. එතකොට හම්බවෙමුකෝ.."

කියලා ශෙන්ගේ දිහාවට අමුතු බැල්මකුත් දාලා මිස්ටර් ඩැනියෙල් ගියේ ශෙන්ග් ආපහු ලූක්ගේ පැත්තට හැරෙනකොට.

"..මට නම් එයාව දිරවන්නෑ.."

ලූක් කිව්වේ කෑම ඕඩර් කරලා ඇවිත් ශෙන්ග් එක්ක ටේබල් එකක වාඩි වෙන ගමන්.

"..ම්ම්ම් අවුලක් නම් නෑ.. මිස්ටර් ඩැනියෙල් මට ස්ටඩීස් වලට මාර විදිහට උදව් කරලා තියනවා.."

ශෙන්ග් කිව්වේ මුකුත් කියන්නේ නැතුව ඉන්න එක හරිනැති හින්දා.

"..හ්ම්ම්.. එයාව පැත්තකින් තියමුකෝ.. දැන් කවදද හයි ස්කූල් ස්ටාර්ට් කරන්නේ..? හුඟක් දුරට තව ටූ මන්ස් වලින් පස්සේ වෙන්නෝන.. වින්ටර් එක මැද හරියෙදි තමයි අළුත් බැඡ් එක ගන්නේ.."

"..තාම මුකුත් කිව්වේ නෑනේ.."

ශෙන්ග් කිව්වේ කටේ කෑම පුරෝගෙන ඒ මැද්දෙන්. කොල්ලගේ හෙන කියුට් ලුක් එකක් තිබ්බේ ඒ වෙලාවේ. ලූක් අත දිගඇරලා ශෙන්ග් පිම්බිලා තිබ්බ කම්මුලක් මිරිකුවේ ශෙන්ග්ට කකා හිටිය එක ඉස්මොල්ලේ ගිහින් කැස්සක් එද්දි.

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα