𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - Episode 67

116 26 10
                                    


                           𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠

අයිවන්‍, ක්‍රිස්ටියන්‍, රෙමිරෝ‍, එවන් හතර දෙනා හිටියේ මැශින් රූම් එකේ තියන ටීවි ස්ක්‍රීන් තුනකට එබිලා. එයාලා බලන් හිටියේ මූන්ලයිට් හොටෙල් එකේ සිසිටීවි ෆුට්ටේජ් දිහා.

පළවෙනි ස්ක්‍රීන් එකේ ප්ලේ වුනේ වොරියර් වුමන් කෙනෙක්ගේ අතේ එල්ලිලා බයෙන් බයෙන් වගේ යන සැලීගේ වීඩියෝ එක. එයාලා රිසෙප්ශන් එකට ගිහින් එතනින් එලිවේටර්ස් තියන තැනට ගිහින් VIP ෆ්ලෝ එකට යනවා. පස්සේ එතනම තිබ්බ VIP ⁣ෆ්ලෝ එකේ රිසෙප්ශනිස්ට්ගෙන් කී කාඩ් එකක් ඉල්ලගෙන මැද හරියක තියන රූම් එකකට යනවා. ඊටපස්සේ එවන් බට්න් වගයන් ප්‍රෙස් කරාම ස්ක්‍රීන් එකට ආවේ සැලීගේ රූම් එක ඇතුල.

වොරියර් වුමන් මොනා හරි කියද්දි සැලී බයෙන් බයෙන් වගේ ඔළුව වැනුවා. ඊටපස්සේ කෙල්ල හිමින් සැරේ ඇඳුම් ගලවද්දි තමයි කොල්ලෝ ටික වීඩියෝ එක සූම් කරේ.

"..හෝලී ෆකින්ග් ශිට්!!.."

රෙමිරෝට කියවුනේ කෙල්ලගේ ඇඟ දැකලා.

ක්‍රිස්ටියන්වයි අයිවන්වයි කේන්තියෙන් ⁣වෙව්ලද්දි එවන් තොලත් හපාගෙන අත්දෙකත් මිට මෙලවන් හිටියා.

"..මුන් සත්තුද බන්..? කෙල්ලගේ ඇඟ සත්තු හූරන් කාලා වගේනේ.."

අයිවන් කියද්දි අනිත් අයත් ඒක ඇත්ත කියන්න ඔළුව වැනුවා.

ඊටපස්⁣සේ අර වොරියර් වුමන් සැලීව වොශ් දාන්න බාත්රූම් එක ඇතුලට එක්කන් යනවා. එවන් ආයේ බට්න් එකක් ප්‍රෙස් කරද්දි බාත්රූම් එක ඇතුල ස්ක්‍රීන් එකේ පේන්න ගත්තා. සැලී වටපිට බල බල හිමින් හිමින් වොශ් දාගන්නවා. ලාවට සද්දයක් ඇහුණත් කෙල්ල බයවෙනවා. දොරත් ඇරලා අර වොරියර් වුමන් හිටියේ සැලීව පේන මානයේ. මොකද ජොනතන් කලින්ම කියලා තිබ්බේ සැලීව තත්පරේකටවත් තනි කරන්න එපා කියලා.

එතනින් පස්සේ සැලීත් එක්කම රූම් එකෙන් එළියට ආව වොරියර් වුමන් එයාගේ ඉතුරු වොරියර්ස්ලා දෙන්නත් එක්ක සැලීවත් අරගෙන හොටෙල් එකේ බැක් ගේට් එකෙන් පිටවුණා.

"..ඕක ඔහොම්ම සේෆ් ඩොකියුමන්ට්ස් වලට දාලා අළුත් එක ඇඩ් කරන්න.."

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎            [ SUPERNATURAL SERIES] Where stories live. Discover now