Chapter 01

1.7K 164 4
                                    

"ජන්ග්කුක්.. "

"යොන්ජුන් මම කියල තියෙනවා මම කැබින් එකේ වැඩක ඉන්න වෙලාවට කාඩාගෙන බිදගෙන මේක ඇතුලට එන්නෙපා කියලා.."

"සොරි ජන්ග්කුක්. අදත් මිස්ටර් ශින් හේ ඇවිත් ඉන්නවා ඔයාව හම්බවෙන්න"

"එකපාරක් මම මේ වැඩේට කැමති නැ කිව්වාම මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිද...? එන්න කියනවා ඇතුලට"

"හෙලෝ මිස්ටර් ජියොන් ජන්ග්කුක්... ඔයාව හම්බවෙන්න මාරම අමාරුයිනේ..."

"මිස්ටර් ශින් හේ ආව වැඩේ ගැන කතා කරමුද?"

"මම ආව වැඩේ මොකක්ද කියලා දන්නවනේ මිස්ටර් ජියොන්"

"මේ බලන්න මිස්ටර් ශින් හේ මම ඔයාලා එක්ක ඒ ඩීල් එකට අත්සන් කරන්න කැමති නෑ. මම කී පාරක් කිව්වද"

"මිස්ටර් ජියෝන් හරියට කතා කරන්නේ අත් වල ජරාව ගෑවිලා නෑ වගේනේ..."

"මිස්ටර් ශින් හේ මගේ අත්වල ජරාව ගෑවිලා ඇති. ඒ වුනත් ඒ අසාධාරණ වැඩ නිසා මිසක් තමුසෙලා කරනවා වගේ පවුකාර වැඩ නිසා නෙමේ... "

"එතකොට මිස්ටර් ජියොන් ජන්ග්කුක් කියන්නේ ඩ්‍රග්ස් ඩීල් කරන එක සාධාරණ වැඩක් කියලද? ලීකර් බිස්නස් කරන එක සාධාරණද? ඒක පවුකාර වැඩක් නෙමේද?"

"ලිකර් බිස්නස් කරන්න මට පර්මිට් තියෙනවා. ඒක මම නිත්‍යානුකූලව කරන දෙයක් "

"එතාකොට ඩ්‍රග්ස්???"

"කවුද ඩ්‍රග්ස් බිස්නස් කරන්නේ?"

"මේ බලන්න මිස්ටර් ජියෝන් තමුන්ගේ ඩීල් ගැන මම ගොඩක් හොදට දන්නවා. තමුන්ට පාඩුවේ මේ ෆීල්ඩ් එකේ ගේම ගහන් ඉන්නෝන නම් මගෙත් එක්ක මේ වැඩේට ජොයින් වෙන්න.. කරන්න මහලොකු දෙයක් නෑ තියෙන්නේ මම දෙන දවසට පොර්ට් එකට පාර්සල් ටික තමුන්ගේ වාහන වල අරන් යන්න විතරයි.. "

"මේ බලනවා.. මම මේ ෆීල්ඩ් එකෙ ඉන්නවද නැද්ද කියන එක තිරනේ කරන්නේ මම. නැතුව කොහෙවත් ඉන්න තමුන්ලා වගේ උන් නෙමේ. තමුසේ ඔහොම නෙමේ කොහොම කිව්වත් මම ඔය වැඩේ කරන්නෑ.. පුලුවන් දෙයක් කරනවා.."

"එහෙමද කියන්නේ මිස්ටර් ජියෝන් ජන්ග්කුක් අපි බලාගමු"

"මගේ තැනට ඇවිත් මට තර්ජනේ කරන්න තමුසෙට කොහෙන් ආව හයියක්ද.. සෙකියුරිටී.. මේ මනුස්සයාව එලියට දානවා..."

PARTNER ☑Where stories live. Discover now