Chapter 26

364 84 10
                                    

Jungkook pov

මට තේරුනේ නෑ ශින්හේ කිව්ව දෙවල් එක්ක කාව විශ්වාස කරන්නද කාව සැක කරන්නද කියලා. ශින්හේ කියපු දෙවල් වල ඇත්තක් තිබුනා. මාත් එක්ක එකතු වෙලා ඩ්‍රග්ස් ට්‍රාන්සපෝර්ට් කරත් මාව අයින් කරලා එයාලා ඒක ඒ අයගේ විදියට කරගෙන ගියා. ඒ කියන්නේ එයාලා ඇත්තටම මාව තියන් හිටියේ මගේ තාත්තගේ මර්ඩර් එක කවර් කරගන්නද? එයාලා ලඟ හිටපු ටික දවසට වුනත් මට එයාලව පවුලක් වගේ දැනුනා. එ් එයාලගේ රඟපෑම්ද එතකොට. මට ආදරයක් පෙන්නලා මගෙන් ටේහ්‍යුන්ග් ප්‍රයෝජන ගන්නවා කියලා ශින්හේ ඒකත් මගේ ඇස් ඉස්සරහාම ඔප්පු කරා. තවදුරටත් මට කීම්ලව විශ්වාස කරන්න තරම් හේතුවක් තිබුනෙ නෑ.

"මිස්ටර් ජියෝන්"

"මම දැන් යන්නෝන...."

"ඔයා හොදින්ද?"

"ඔව් මම ගොඩක් හොදින්... ඔයා එක්ක අත්සන් කරපු ඩීල් එකේ විදියට ඉස්සරහට ඔයාගේ බඩු මගේ වාහන වල පෝර්ට් එකට කිසිම ප්‍රශ්නයක් නැතුව යවන්න පුලුවන්. මම දැන් යනවා.."

"ඕකේ දෙන් පරිස්සමෙන් යන්න.."

"හරී..."

මම ශින්හේගේ මැන්ෂන් එකෙන් එලියට ආවා. මට තේරුනේ නෑ ඇත්තටම කරන්නෝන මොකක්ද කියලා. කාර් එකට නැගලා ඔහේ ඩ්‍රයිව් කරගෙන ආවේ යන්නේ කොහෙද කියලවත් තීරණයක් නැතුව. හන් පාලම ලඟට ඇවිත් කාර් එක නතර කරලා මම බැස්සේ හිත ටිකක් නිදහස් කරගන්නෝන නිසා. ඈත ගග දිහා බලාගෙන මම කල්පනා කරේ පැටලිලා තියෙන නූල් බෝලේ ලෙහා ගන්න විදියක්. වීඩියෝ එකේ සීන් එකට ටේහ්‍යුන්ග් මාත් එක්ක ලොකු තරහක් ඇති කරගෙන හිටියා වගේම ශින්හේ කිව්ව දෙවල් වලට මට ටේහ්‍යුන්ග් එක්ක ලොකු තරහක් තිබුනා. ඒත් මම දැනන් හිටියේ නෑ ඇත්ත හරියටම මොකක්ද කියලා. මට ශින්හේ විශ්වාස කරන්නත් කිසිම එවිඩන්ස් එකක් තිබුනේ නෑ. මම කාර් එකට හේත්තු වෙලා ඉද්දි මගේ කාර් කට එහායින් තවත් කලු පාට කාර් එකක් නතර කරලා එ්කෙන් දෙන්නෙක් එලියට බැහැලා සිගරට් දෙකක් බොන ගමන් ගග දිහා බලන් හිටියා. මාත් ටික වෙලාවක් එතනට වෙලා ඉදලා යන්න කියලා හැරෙද්දි කවුරු හරි මාව අල්ලගන්නවා වගේ දැනුනා. එතකොටම මගේ නහයට ලෙන්සුවක් තියලා තද කරා. වටපිටාවම අදුරු වෙලා යනවා වගේ මට දැනුනා..

PARTNER ☑Where stories live. Discover now