Jungkook pov
දොලහටත් ලං වෙලා මේ අය තාම නෑ. බඩු ටික එද්දි හවස් වුනත් මේ තරම් වෙලාවක් යන්නේ ඇයි. මේ ගෙදර තනියම ඉන්නත් බය හිතෙනවා. ටේහ්‍යුන්ග් ගේ නම්බර් එකක්වත් ඉල්ල ගන්නත් බැරි වුනා.
"සර් කෑම එක රූම් එකට ගේන්නද දැන් ගොඩක් රෑ වෙලා"
තුන් වෙනි පාරටත් මට නම්ජූන් දිලා ගියපු බොඩි ගාඩ් දොර ලඟට ඇවි ඇහුවා. මට කෑම කන්නවත් උවමනාවක් තිබුනේ නැත්තේ අද දවසම මගේ ඔලුව ටේහ්‍යුන්ග් ගැන එක එක දෙවල් වලින් පිරිලා තිබුන නිසා. මම කම්පැනි එකේ වැඩත් ඉක්මනට ඉවර කරලා ගෙදර ආවේ ටේහ්‍යුන්ග් ව බලන්න වුනත් මම ඇවිත් පැය ගානක් යනකන් ටේහ්‍යුන්ග් ආවේ නෑ. පැය බාගයක් වගේ පොඩි වෙලාවකට එයා සම්පූර්නෙන්ම මගේ හිත එයාගේ කරගත්තේ හරියට මැජික් එකක් වගේ. ඒ වගේ හිතක් පපුවක් නැති දුශ්ට මනුස්සයෙක් වෙනුවෙන් මේ තරම් වෙලාවක් කෑමවත් කන්නේ නැතුව මඟ බලන් ඉන්න එක ගැන මටම පුදුම හිතුනා. මම මේ වෙද්දිත් කල්පනා කරේ ඒක වන් සයිඩ් ලව් එකක්ද කියලා. ඒත් එහෙම නෑ. ආදරයක් ඇති වෙනවනම් ඒක හදවතට දැනෙන්නෝන. ඒත් මට ටේහ්‍යුන්ග් මතක් කරද්දි දැනෙන්නේ එයාව අයිති කරගන්නෝන කමක් වගේම එයා එක්ක ඉන්නෝන වගේ දෙයක්. ටේහ්‍යුන්ග් ගෙන් මම දැකපු ඒ දුශ්ට කම් නිසාම මට කෑගහපු විදිය නිසාම එයා මට සෙඩියුස් වෙනවා බලන්න මට ආසාවක් තිබුනා. ඒත් මේ තරම් මඟ බලන්න තරම් හේතුව මටත් හිතා ගන්න බැරි වුනා...
"ටේහ්‍යුන්ගලා තාම ආවේ නෑ නේද? මම ඒ අය ආවම කන්නම් සූ බින්"
"එයාලා ඩිනර් එක අරන් එයි සර්. දැන් කොහොමත් රෑ වෙලා නිසා. සර් කෑම කන්න."
"ඔයා කාලාද?"
"නෑ සර් තාම"
"ඉතින් ඔයා කන්න එපැයි"
"ඒකට කමක් නෑ සර්"
"යමු අපි දෙන්නම කමු ගිහින්"
"හරී සර්..."
.
."මිස්ටර් ජියෝන් දැන් ද ඩිනර් ගන්නේ?"
"ඔයාලා ආවා නේද මම මේ ඔයාලා එයි කියලා බල බලම ඉදලා කන්න ගත්තා "
"ටිකන් පරක්කු වුනා. අද ටේයා කාලෙකින් එලියට ගියපු නිසා අපි එලියෙන් ඩිනර් ගත්තා"
STAI LEGGENDO
PARTNER ☑
Fanfictionමම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි...