Jungkook pov
මම ටේහ්‍යුන්ග් පිටිපස්සෙන් ම එලියට ආවා. එයා කාර් එකට නගිද්දි මම එහා පැත්තෙන් ගිහින් කාර් එකට නැන්ගා. මොකුත්ම කියන්නැතුව එයා වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරන් ගියා. ඒත් මම දැනන් හිටියේ නෑ එයා යන්නේ කොහෙටද කියලා.. කතා කරන්නත් බය හිතුනේ එයා ඉන්න සිටුවේශන් එක නිසා. කෙනෙක්ට දරන්න බැරි වේදනාවක් ටේහ්‍යුන්ග් දරාගෙන ඉන්නෙක මට පුදුමයක් වුනා. එයා ගියර් ලිවර් එකෙන් අල්ලන් යද්දි මම ඒ අත උඩින් මගේ අත තිබ්බා.
ඒත් එයා කිසිම දෙයක් නැතුව කාර් එක ඩ්‍රයිව් කරන් ගියා. පැය බාගෙක වගේ ගමනකින් පස්සෙ අපි ලොකු එස්ටේට් එකකට ආවා. ටේහ්‍යුන්ග් කාර් එකෙන් බැහැලා යද්දි මාත් එයා පිටිපස්සෙන්ම ගියා. එක තැනක නතර වෙලා එයා කෑ ගහලා අඩන්න පටන් ගත්තා. එතන තිබුනේ ග්‍රේව් එකක්. එචච්ර ස්ට්‍රෝන්ග් කෙනෙක් ඒ විදියට අඩනවා දැක්කම වගේම මම අාදරේ කරපු කෙනා ඒ තරම් ලොකු වේදනාවකින් ඉද්දි මට ඒක දරාගන්න බැරි වුනා.
හැමදේම අවසානේ මම හිටියෙත් ලොකු වේදනාවකින් . ඒ මගේ තාත්තාගේ මරනේ ඇත්ත හේතුව මම දැනගත්ත නිසා. මම මාෆියා ෆැමිලි එකට සම්බන්නද වුනේම මේ දේ දැනගන්න. අන්තිමට මම දැනගත්තා ඒ හේතුවත්. ඒත් ඊට වඩා ලොකු වේදනාවක් මට ටේහ්‍යුන්ග් ගැන දැනුනා. ඒ වගේ දෙයක් දරාගන්න ටේහ්‍යුන්ග් ට ශක්තිය දෙන්න කියලා ඒ වෙලාවේ මම දෙවියන්ගෙන් ඉල්ලුවා. මම ටේහ්‍යුන්ග් ලගට ගිහින් වාඩි වුනා. එයා ග්‍රේව් එකේ මොනමන්ට් එකේ පිටිපස්සට ගිහින් හේත්තු වෙලා ඉදගත්තා. මම ඊට එහා පැත්තෙන් වාඩි වුනා.
"මම ජීවත්වෙන්න ඕනි කෙනෙක් නෙමේ කුකී..."
"ටේටී....."
YOU ARE READING
PARTNER ☑
Fanfictionමම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි...