Chapter 03

625 121 5
                                    

Jungkook pov

කිම් මැන්ෂන් එක මම හිතුව විදිය නෙමේ. සම්පූර්නෙන්ම වෙනස් තැනක් වුනා. මාෆියා වර්ල්ඩ් එකම රන් කරන් හිටපු කිම් නම්ජූන් එක්ක බිස්නස් ගැන විතරක්ම කතා කරලා තිබුනත් මේ විදියට එයාව හම්බවුනාම තේ⁣රුනේ මාෆියාව කියන වෙස් මුන යට හරි සුන්දර මනුස්සයෙක් ඉන්නවා කියලා. හෙට ඉදන් නම්ජූන් මැන්ෂන් එකේ නෑ කියන එක හිතද්දි මගේ හිතට හිස් ගතියක් ආවේ මට මෙතනින් එහාට ඉන්න වෙන්නේ නම්ජූන් ගේ මල්ලි කිම් ටේහ්‍යුන්ග් එක්ක නිසා. මම හරියට ඒ මූන දිහාවත් බැලුවේ නෑ. ඈතින් එද්දිම කිසිම හිනාවක් නැතුව ඇස් වල තරහා පුරවගෙන එන විදිය දැක්කම මට ඒ මූන දිහා බලන්න හිතුනේ නෑ. ඒත් එයාට අත දෙද්දි ඒ අත මුන තරමු රෆ් නෑ කියලා තෙරුනේ ගොඩක් සිනිදුවට දැනුන නිසා. නම්ජූන් ගේ සීක්‍රට් බුලට් එක එයා කිව්වත් කිසිම මෙල්ට් ගතියක් නැති ගෙස්ට් කෙනෙක්ටවත් කතා කරන්න දන්නනැති හිතුවක්කාර චරිතයක් නම්ජූන් ට වඩා හොදටම වෙනස් කෙනෙක් කියලා මට ඒ පලවෙනි හමුවීමෙන්ම තේරුණා. ඒත් එයාට නපුරු ඇස් දෙකක් එක්ක ලස්සන මූණක් වගේම ඇගකුත් තිබුණා. මට ආයෙම එයා දිහා හොදට බලාගන්න ඕනි වුනත් හෙමීට එයාව ස්ටඩී කරනවා කියලා හිතාගෙන මම එයා දිහා බලන්න ගියේ නැත්⁣තේ එයා ගොඩක් කේන්තියෙන් ඒ වෙලාවෙත් කෑ ගහපු නිසා. මට එයාගේ ඒ හේතුවක් නැති කෑ ගැහැලිල්ලට එයාට දෙකක් කියන්න හිතුනත් කට වහන් හිටියේ ජූන් හ්‍යුගැන හිතලා. වොශ් දාලා මම එහෙම බාත් රොබ් එකත් ඇදන් ඇවිත් ඇදට වැටුනා. මට එහෙමම නින්ද ගියේ රෑට කන්න යන්නවත් සිහි නැතුව.

Jungkook pov end

"යුන්ගියා ජන්ග්කුක් කෑම කන්න පහලට එන්නැති වෙයිද?"

"එන්න කියල නම් කිව්වා. "

"ලී යන්ග් ... දෙන්නගෙම කෑම දෙක අරන් ගිහින් ටේගේ රූම් එකෙන් තියන්න. ටේට කියන්න ජන්ග්කුක් ගේ ඩිනර් එක ගිහින් දෙන්න කියලා මම කිව්වා කියලා."

"හරී නම්ජූන් බොස්.."
.
.
.

"ටේ බොස් "

"ලී යන්ග් ඔතනින් තියලා යන්න මම පස්සේ කන්නම්."

"බොස් නම්ජුන් බොස් කිව්වා මේ කෑම එක මිස්ටර් ජියෝන් ගෙ රූම් එකෙන් තියන්න කියලා"

PARTNER ☑Where stories live. Discover now