"ටේයා නැගිටින්න.."
"හ්‍යුන්ග් ඇයි...."
"මම යන්න හදන්නේ. "
"හ්‍යුන්ග් සොරි මට නින්ද ගියා. ඊයේ නිදා ගද්දි ටිකක් රෑ වුනා."
"ඇයි මොකද කරේ ?"
"දන්නවනේ එහෙම දෙවල් වෙන්නෑ කියලා හ්‍යුන්ග් "
"ටේයා මේ බලන්නකෝ.. මම මේ විදියට හැමදේම ඔයාට බාර දීලා ලන්ඩන් යන්නේ ඔයා දැන් මේ දෙවල් තනියම හැඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන ඒකයි."
"ඒත් හ්‍යුන්ග් දන්නවා තාත්තා. එයා කැමති නෑ මම මේ දෙවල් කරනවට"
"තාත්තා නෙමේ මෙහෙ මේ දෙවල් පටන් ගත්තේ. තාත්තාගේ දේ යුන්ගිලා බලා ගනියි. ඒත් ඔයා මම පටන් ගත්ත දෙවල් බලා ගන්නෝන. ඒකයි මම මිස්ටර් ජියෝන් ව ඔයාටම බාර දුන්නේ. එයා මගේ බිස්නස් එකට වටිනම කෙනෙක්. මගේ විතරක් නෙමේ මේ මම පටන් ගත්ත බිස්නස් ඔයාටත් අයිතියි. ඔයා මගේ මල්ලි. ඔයා දැන් මේ දෙවල් බාරගෙන එලියට එන්න කාලේ හරී."
"හ්‍යුන්ග් දන්නවා මම කැමති මේ ඉන්න විදියට කියලා. අනික ස්ට්‍රේන්ජර් කෙනෙක් එක්ක ඉන්න එක මට පුරුදු දෙයක් නෙමේ හ්‍යුන්ග්."
"කවද වෙනකන් මෙහෙම ඉන්නද? මේ හැමදේකම අවසාන අයිතිය එන්නේ ඔයාට. තේරුම් ගන්න ටේයා. ඔයාට පුරුදු වෙන්න ඕනි නිසාම තමයි මේ දේ කරන්නේ. දුශ්ට කම් නැතුව හොදින් ඉන්න වැඩ හැමදේම හරියටම බලාගෙන. මම දන්නවා ඔයාට පුලුවන් කියලා.."
"හරී හ්‍යුන්ග්. පරිස්සමෙන් ගිහින් එන්න. මම ඔයාට ආදරෙයි"
"හරී ටේයා. ඔයත් පරිස්සමෙන් ඉන්න. මාත් ඔයාට ආදරෙයි"
.
.
.
."ජන්ග්කුක් සොරි මට ඔයාව උදේම ඇහැරවන්න වුනා.."
"ඒකට කමක් නෑ නම්ජූන් හ්‍යුන්ග්. මම කොහොමත් තව ටිකකින් ඇහැරෙන්න හිටියේ"
"ඒ මොකද උදේම? ඔෆිස් යන්නෙත් නවයට කිව්වා නේද?"
"ශූටින් ප්‍රැක්ටිස් තියෙනවා කියලා මිස්ටර් ටේහ්‍යුන්ග් මට හයට රේන්ජ් එකට එන්න කිව්වා.."
"ජන්ග්කුක් ටේයා එක්ක ඉද්දි ටිකක් පරිස්සමෙන් ඉන්න. එයාට ඉක්මනට තරහා යනවා වගේම එයාට පිට අයව ආස්‍රේ කරලා පුරුදු නෑ.."
YOU ARE READING
PARTNER ☑
Fanfictionමම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි...