Chapter 09

481 110 4
                                    

Kimtaehyung pov

අායිශ් අර මිනිහා මගේ දවසම කෑවා. මොන මඟුලකට බෙහෙත් දාන්න ආවාද මන්දා? මම ජන්ග්කුක් යනකන් ඉදලා ෆර්ස්ට් එයිඩ් බොක්ස් එක ආයෙම කබ්ර්ඩ් එකට දාලා ඇවිත් අැදේ ඉදගත්තා. එතකොටයි දැක්කේ ඇද උඩ ෆෝන් එකක් තියෙනවා. මම ඒක අරන් ඔන් කරලා බැලුවා. එකේ තිබුනේ බල්ලෙක්ගේ පොටෝ එකක් දාපු වෝල්පේපර් එකක්. කාමරේට ආව එකම කෙනා ජන්ග්කුක් නිසා මම ටික වෙලාවක් බැලුවා ආයෙම එයා ෆෝන් එක ගන්න එයිද කියලා. දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා මම දොර ලඟට ගියේ ආයෙම ජන්ග්කුක් එන්න ඇති කියලා හිතලා.

.
.

"යුන්ගියා ඇයි?"

"බෙහෙත් දා ගත්තද?"

"නෑ මම කියල දම්ම ගන්නම්"

"හරී එහෙනම්. මම අාවේ අද ඔයාගේ ගාඩ්ලයි හැමෝවම එක්කන් අපි මිශන් එකකට යනවා. එලියේ ඉන්න ගාඩ්ලා ටික විතරයි අද මැන්ෂන් එකේ ඉන්නේ. මිස්ටර් ජියෝන් ට කම්පැනි යන්නෝන නිසා එයාගේ ගාඩ් එක්ක ඔයාත් යන්න. අපි එනකන් පරිස්සමෙන් ඉන්න."

"වට්ද ෆක්. මම මොකටද එයාව එක්කන් ඔෆිස් යන්නේ.. ?"

"ටේයා කාම් ඩවුන්. අපිට ජියෝන්ව ප්‍රොටෙක්ට් කරගන්න වෙනවා. තේරුම් ගන්න. දැන් ඔයා ඉස්සර හිටියා වගේම ඉදලා හරියන්නෑ. ජූනා මේ වැඩ කරපු විදිය දැක්කනේ. ඉතිං ඔයාත් එහෙම දැන් එයාගේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්නෝන. හිටපු විදියට ඉදලා හරියන්නැ"

"අද ඔයාලා මොකටද යන්නේ? ඊයේ රෑ වෙනකන් කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නෑනේ..."

"ශින් හේ ආයෙම අපේ වෙපන් බිස්නස් එකට අත දාන්න එන්නෙ."

"මම වෙපන් බිස්නස් එක ගැන නම් මොකුත්ම දන්නෑ යුන්ගියා. ඔයා දන්නවනේ.. තාත්තා ඒ කිසිම දෙයක් ගැන මට දැනගන්නවත් තියන්නෑ කියලා..."

"ඔව් ඒක හරි. ශින් හේ මුල ඉදන්ම වෙපන් බිස්නස් එකට ඇගිලි ගැහුවා දන්නවනේ.. හෙට හවස අපිට මීටින්ග් එකක් තියෙනවා බූසාන් වල ග්‍රෑන්ඩ් ජෝසුන් හොටෙල් එකේ චෙන්ග් යුශින් එක්ක. "

"කවුද ඒ?"

"ඒ තමයි ටේයා අපි එක්ක වෙපන් බිස්නස් කරන චයිනා වල ඉන්න ඩීලර්. ඒත් අද අපිට ශින්හේ ලඟ ඉන්න අපේ රැට් ගෙන් දැන් නිව්ස් එකක් ආවා ඒ ඩීලර් ඊයේ රෑ කොරියා ඇවිත් තියෙනවා ඌ අද එකොලහට සෝල් වල හොටෙල් ග්‍රේසරි එකේදි ශින් හේ ව මීට් වෙන්න යනවා කියලා. අපිට කියල තිබ්බ විදියට චෙන්ග් යූ කොරියා වලට ලෑන්ඩ් කරන්න තිබුනේ අද හවස"

PARTNER ☑Where stories live. Discover now