Chapter 25

350 79 11
                                    

After two weeks later

Jungkook pov

ටේහ්‍යුන්ග් ව දකින්නැතුව එයාලගේ බිසනස් වලින් අයින් වෙලා සති දෙකක් ගියා. මේ වෙනකන් එයාලගේ බඩු මගේ වාහන වල ගෙන්න ගත්තත් එදායින් පස්⁣සේ අායේ ඒ දෙවල් වුනේ නෑ. මට ඒ හැමදේටම වඩා ටේහ්‍යුන්ග් ගේ ටච් කිස් ඒ ඩීප් වොයිස් එක මේ හැමදේම මිස් වුනා. සමහර දවස් වලට මම පැය ගනන් කල්පනා කරකර හිටියා. මටවත් තේරුනේ නෑ මම ඇයි ඒ තරම් ඒයාට ඇබ්බැහි වෙලා තියෙන්නේ කියලා. අපි දෙපාරක් එකට හිටියත් ලවර්ස්ලා විදියට ලොකු කාලයක් ආදරෙන් හිටියේ නෑ. ඒත් මට එයාව ගොඩක් මිස් වුනා. මට එයාව ගොඩක් ඕනි වුනා. කරන්න කිසිම දෙයක් නැති වුනත් මම ඒ හිටපු ටික දවස ගැන ⁣ආයේ ආයෙම මතක් කරා. අදත් මම මගේ කැබින් එකට වෙලා අපි දෙන්නා බීච් එකේදි ගත්ත පොටෝ එකක් දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. ටේහ්‍යුන්ග් කියන්නේ හිතේ සැනසීම ගොඩක් අඩුවෙන් තිබුන කෙනෙක්. මට එයාගේ එකම සැනසීම වෙන්න ඕනි වුනත් ලන් වෙන්න පටන් ගද්දිම ටේහ්‍යුන්ග් ගෙන් මාව ඈත් කරන්න ශින්හේට පුලුවන් වුනා. ඒ විදියට එදා අපි එකට හිටපු වීඩියෝ එකක් ශින්හේට ගියා කියන්නේ එක්කෝ රූම් එකේ කෙනෙක් හොරෙන් අපිව වීඩියෝ කරලා තියෙනවා. ඒත් එක එක ඈන්ගල් වලින් ඒ වීඩියෝ එක තිබුන නිසා ම⁣ට අායෙම හිතුනේ හිඩ්න් කැමරාස් සෙට් කරලා ඇති කියලා. මට ටේහ්‍යුන්ග් ගැන බය හිතුනා. ඒත් මට එයාට කතා කරන්නවත් යන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ..

Call
Unknown Number

"තමුසෙව පන පිටින් යැව්වාම මේ ⁣වගේ චීප් දෙයක් කරලා තමුසේ මොනවද බලාපොරොත්තු වෙන්නේ ෆකින් ජියෝන් ජන්ග්කුක්?"

"ට්ට්ට්ටේටී.... ඔයා....."

"ඔය කටින් ආයේ මට එ් විදියට කතා කරන්න එපා. තමුසෙව මට අප්පිරියයි.... "

"මොකක්ද කියන්නේ? ඇයි මේ....."

"හැමදේම කරලා බබා වගේ කතා කරන්නේ තමුසේ හිතන්නේ මාත් බබෙක් කියලාද? "

"මොකක්ද මම කරලා තියෙන්නේ... ගෙදරින් එලියට දාපුවාම කිසිම දෙයක් අහන්නැතුව ආව එකද?"

"බලනවා ගිහින් තමුසේ කරපු දේ සෝශල් මීඩියා වල හැමතැනම තියෙනවා බලනවා ගිහින්...."

PARTNER ☑حيث تعيش القصص. اكتشف الآن