- PARLIAMENT PRESIDENT -

1.8K 115 25
                                    


"ඔව් මෙවර අපගේ පාසැලේ ජනාධිපතිවරණයෙන් ජානාදිපති දූරයට තේරි පත් ව.නේ.වැඩි ජන්ද ප්‍රමාණයකින් තේරි පත් වූ අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් තාරුන්‍යා හේශරාවී රණවීර.."

ස්කූල් එක හෙල්ලිලා යන්න ඇහුන විසිල් අත්පුඩි අතරින් සුපුරුදු විදිහටම යන්තමින් මතු වුන හිනාවක් එක්ක ස්ටේජ් එකට නැග්ග තාරුන්‍යාට ආයෙමත් අත්පොලසන් දෙද්දී මේන් හෝල් එකෙන් එලියට වෙලා මේ දිහා බලන් හිටපු සිතුනි ලග තිබ්බ පුටුවට පයින් එකක් ගැහුවෙ බලන් ඉද්දිම ඒ පුටුවෙ කෑල්ලක් කැඩිලා යද්දී.

"කොහොමද ?කොහොමද ඒකි president වුනේ ?"

"උබ ඔය කට පරිස්සම් කරගනින් මොනාවුනත් ඒ හෙඩ් ප්‍රිෆෙක්ට්."

"අනේ ඒකිගෙ හු## ප්‍රිෆෙක්ට් එක මට එන්න තිබ්බ තැන ඔය."
"අවසානෙට ප්‍රිෆෙක්ට් එකත් ගත්තා ඒ මදිවට ඒකි presidente වුනා."

"ඉතිං සුනඛයෝ මේක ස්කූල් පාර්ලිමන්ට් එක මිසක් රටේ පාර්මන්ට් එක නෙවෙයිනෙ තෝ වලිගෙ පාගන් නටන්නෙ.උබටත් තියෙන්නෙ ප්‍රිෆෙක්ට් එකක් ඒකත් ඩිපියුටි තියෙන්නෙ."

"මන් උබට අහවල් එක කිව්වා කියලා හිතාගනින්."

"ඇයි මගුල ඉතිං උබ මොකටද තාරු එක්ක හැමතිස්සෙම ඇටෑක් එකට යන්නෙ."

සිතුනිගෙ මතකෙ ඇදිලා ගියේ යටගිය දවස කොලබ යුගයේ කාලෙකට.

සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක් නොවුන මන් එදා ලයිබ්‍රි එකට ගියේ සිංහල මිස්ගේ දේශනේ අහන් ඉන්න බැරිකමටයි.
එක්සෑම් එකට මාස තුනක් තියෙන නිසා ආෆ්ටර් ස්කූලුයි මහ පාන්දරයි ගෙන්නගෙන දරාගන්න බැරි තරමට පාඩම් වලින් ඔලුව පුරවද්දී මේ වගේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි වගේ අයත් ඉන්නවා.

අතට අහුවුන දාර සයිස් පොතක් උස්සන් ඇවිත් පොත් වලට ඇලිලා ඉන්න උන් දිහා ඇහැ කොනින් බලලා අතේ තියන පොත දිහා බලපු මම පිටකවරෙ නම බැලුවා විතරයි සසර කලකිරුනා වගේ හැගීමක් දැනුනෙ මම අරන් තිබ්බෙ කතා පොතක් කියලා හිතලා බයෝ කරන උන් පාවිච්චි කරන ජීව විද්‍යා පොතක් නිසා.

දඩස් ගාලා මේසෙ උඩින් පොත තියලා වටේ ඉන්න උන් දිහා බැලුවම හරියට මූ කොහෙන් ආපු අපතයෙක්ද වගේ ලුක් එකකින් මන් දිහා බලන් හිටපු උන් දිහා බලල හිනාවකින් විරිත්තලා පොත පෙරලන් අකුරු හෙව්වට ඇස් ගියේම නිදිමතට.අවසානෙ පොත උඩම හොදට දිගෑදිලා මන් නින්දකට වැටුනෙ ඇදේ කොට්ටෙට වඩා සනීපයක් පොත උඩ දැනුන නිසා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now