- ගර්ල්ෆ්‍රෙන්ඩ් -

532 76 39
                                    


මන් ලැප් එකේම මූන ඔබාගෙන පෝස්ට් ටිකක් හදන අතරෙ අර පාපමිතුරියො දෙන්නා මලපෙරේතයෙක් වැහිලා වගේ කනවා කනවා ඉවරයක් නැහැ.මට බය මුන් දෙන්නා මේස පුටු ටිකත් කයිද කියලා.ඊට එහා අනිත් එකී ඒකි ෆෝන් එකක් බදාගෙන මොකාට හරි මහ හයියෙන් හූ තියනවා.ඔය අතරෙ ජනිත් ඌ දිවත් එලියට දාගෙන ඔලුවත් කහ කහ වටපිට බලනවා මන් හිතන්නෙ ඌට හදිසි අවශ්‍යතාවයක්.අවසාන වශයෙන් තාරුන්‍යා පිලිමයක් ගැහුවා වගේ ලැප් එක දිහාම බලාගෙන ඌ වැඩ මෙතන බෝම්බයක් ගැහුවත් ඌට ගානක් නෑ.

"ඕයි බන් තාරු.."

"අඩෝ තාරුවෝ.."

"යකෝ බලපියකො..."

"මට යකෝ ඉන්න බෑ."

"ඕයි.."

"මොකද හු#තො"

හම්මට සිරිසේන කිව්වලු 😂.

"මට වොශ්රූම් තියෙන තැන කියහන්."

"එහාපැත්තෙ ."

සිරිසේනයා වේගබට්ටගෙ සීයා වැහුනා වගේ අතුරුදන් වෙලා ගිය පාර ආයෙ සැරයක් ඇහුනෙ මහ හයියෙන් හිමා කෑ ගහන සද්දෙයි අර පෙරේත ඩබල චරස් චර චරාස් සද්දෙට කන සද්දයයි විතරයි .

ඔය අතරෙ බොහොම සාමකාමී ලෙස අපි වැඩ වල නිරත වෙන අතරෙ එකපාරට ..

ඔව් කලු පාට තඩි බෝලයක් එබිලා බැලුව කාමරේට..

"බුදාම්මෝ මේ මොකෙක්ද?"

මන් ඇද උඩ නැගන් ලැප් එකත් දමල ගහල ගිහින් නැවතුනෙ නෑ ඕන්නැහැ එක්කො..

අර කලු බෝලෙ පස්ස වන වන ඇවිත් මියෑව් ගාලා තාරුන්‍යාගෙ උකුලට පැන්නා.

හුටා පූසෙක්.
මූටම ගැලපෙනවා .

කලු බෝලයා තාරුන්‍යාගෙ උකුලට පැනලා කැරකි කැරකි ඉදලා හොදට අතපය දිගෑරලා නිදාගත්තා.

"මිකී...එහාට වෙන්න."

පුහ්ඃ පූසට ගිය කල කිව්වලු.

අරූටත් මොකද පුර්ර් ගගා ඇතිල්ලෙනවා.

මන් ඌට රැව්ව පාර ඌ කට බලියලා ඌගෙ දත් සෙට් එක පෙන්නලා ඇස් දෙක පියාගත්තා.

හාම්පුතා වගේ නැතැයි උගෙ පොඩි එකත්.

තඩි මිකියා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now