- ලොකු කාලයක් -

435 55 26
                                    

"සිතූ උබ තවත් කියන්නෙ බෑ කියලද?"

"හ්ම්ම් ."

"ඒත් යකෝ වෙන එකියක්ට ඕක දීලා බලන් ඉන්න පුළුවන් ද උබට?"

"බැහැ."

"ඒක තමයි කියන්නෙ."

"ඒත්..."

"ඒත් මේත් නෑ උබ හෙඩ්."

"ඒත් සිරී අහ.."

"කටවහන් හිටු."

"හ්ම්ම්."

තාරු ගියා ගියාමයි මාසතුනක් ගෙවිලා ගිහින් හරියට මට අවුරුදු ගානක ඉදන් නැති පාලුවක් තනිකමක් නොසෑහෙන්න දැනුනා.ඒ නපුරුකම ඒ කතාව ඉබේම කියවෙන ඒ ආදරණීය කතාබහ නැතුව මට ලොකු දුකක් සාංකාවක් දැනුනා.

ඒ අතරෙ අලුතෙන් හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක්ව තෝරගන්න ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ මිස්ලා සර්ලා ආයෙ පටන්ගත්තා ඉන්ටර්විව් කරන්න.ඒත් තාරු වගේ කෙනෙක් ..මන් නම් හිතන්නැහැ එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි කියලා.

ඉන්ටර්විව් එක ඉවර වෙලා ආපු මිස්ලා සර්ලා අවසානෙට ඩිපුයුටිහෙඩ්ව  හෙඩ් කරලා ඩිපුයුටිහෙඩ් කෙනෙක් තෝරගමු කිව්වම ඇත්තටම මට දුකහිතුනා.අනේ මට ඕන්නැහැ හෙඩ් වෙන්න මට බෑ කවදාවත් තාරු වෙන්න.ඉස්සර හෙඩ් වෙන්න තාරු එක්ක ඕනි තරම් වලි දාගන්නගියත් දැන් මට හෙඩ් කියන්නෙ තනිකරම දුකක්.

අවසානෙට කොච්චර බෑ කිව්වත් ජනිත්ගෙ කෑ ගැහිල්ල නිසාම මන් හා කිව්වෙ තාරුගෙ තැන වෙන එකෙක්ට දීලා ඌ රගනවා බලන් ඉන්න බැරි නිසා.

දැන් අපි දහතුනටත් ඇවිත්.
අනේ තාරු ඔයා කොහෙද ඉන්නෙ?
නිකමටවත් ඔයාගෙ ඩේසි මලව මතක් වෙන්නැද්ද?
මට පාලුයි රත්තරන්
මේ ඩේසි මලට ඔය හෙවන නැතුව හරි පාලුයි.

ඇහැට උනපු කදුලු වහගන්න ඩෙස් එකට ඔලුව ගහගත්ත මන් ගාව ඇවිත් වාඩිවුන කවුරුහරි මගේ ඔලුව අතගාපු නිසා මන් ඔලුව උස්සලා බැලුවෙ කවුද කියලා.

"හිමායා.."

ඔව් තාරු ගියත් එක්ක හිමායා හරියට වෙනස් වුනා.එයත් ඇඩුවලු .ඒත් අපිට පේන්න ඇඩුවෙ නැහැ.ඒත් මට පේනවා එයා ගොඩක් දුකින් ඉන්නෙ.

"උබ තාමත් ඒකි ගැන හිතනවද?"

"නොහිතා ඉන්න තප්පරයක් මටවත් හොයාගන්න බෑ හිමායා."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now