- ලැජ්ජාවේ බෑ... -

1K 74 89
                                    


"අනේ..තාරු.."

"ශ්ශ්ශ්..කෑ ගහන්න එපා."

"ඔයා.. ඔයා මේ ඇත්තටම ද මේක හීනයක් නෙවෙයි නේද?"

"නෑ සිතූ හිතුව නැති දේවල් වෙන එක දැන් හීන විදිහට හිතන්න බෑ."

"තාරු ..ඔයාට මොකක්ද වුනේ ?"
"අනේ මේ ඇත්ත නේද දෙයියනේ ."

"මට හරි මහන්සි සිතූ."

තාරු එකපාරටම මගෙ උරහිසේ ඔලුව ගහගෙන මට හරි මහන්සි සිතූ කිව්වම ඇත්තටම මටත් නොදැනිම මගෙ කදුලු අලුත් වෙන්න පටන් අරන් තිබ්බා.

"දැන් හරිනෙ ඉතින්.."
"ඇයි ඒ මහන්සි .."

"ජීවත් වෙලා."

"මේහ් පිස්සු කතා කියන්න එපා තාරු."

"ම්ම්..මන් මෙහෙම ටිකක් ඉන්නද?"

"මන් කවදාවත් එපා කියන්නැහැනෙ තාරු."

"ම්ම්ම්."

මන් දන්නැහැ ඉස්සර හිටපු මනුස්සයා වගේ නෙවෙයි තාරු හරියට ආදරේ ඉල්ලලා එපා වෙලා අසරණ වුන විදිහටයි හැසිරෙන්නෙ.
මන් බිත්තිය දිගේ අතපත ගාලා ලයිට් එකත් දාගෙන මාස ගානකින් දැක්කෙ නැති මනුස්සයගෙ මූන බලන්න හැදුවත් කොහෙ මූන බැලිල්ලක්ද ඔලුවම උරහිසේ ගහගෙන පිලිමෙ වගේ හිටගෙන ඉන්නවා.

"තාරු.."

"ම්ම් ."

"ඔහොම ඉන්න බෑනෙ ඔයා මගෙ උකුලෙන් ඔලුව තියාගන්න හාද?"

"හ්ම්ම්."

ඊටපස්සෙ ඔලුව උස්සලා ලයිට් එලියට ඇස් දෙක හුරුකරගන්න දෙපාරක් තුන් පාරක් ඇස් පිල්ලම් ගහපු තාරු මන් දිහා බැලුවෙ ඇයි ලයිට් එක දැම්මෙ කියලා අහන්න වගේ.

"තා...තාරු.."

"ඇයි ලයිට් එක දැම්මෙ?"

"ඔයාට මොකද වුනේ අනේ කියන්නකො."

තාරුගෙ අත් වල කකුල් වල තියෙන තුවාල දැකල මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියෙ බයවෙලා.

"තවත් ලස්සන වෙලා."

"මොකක්.."

මන් හොදටම බයවෙලා බලන් ඉද්දී කිසිම ගැලපීමක් නැති කතාවක් කිව්ව තාරු අර මට පේන්නම බැරි හිනාවත් දාගෙන මගෙ උරහිසෙන් අත තිබ්බෙ මන් ආයෙ සැරයක් කිව්වෙ මොකක්ද කියලා කල්පනා කරද්දී.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now