- අපි පාආආවෙන ලෝකෙ..-

650 66 101
                                    


"මට හරි කම්මැලි අප්පා."

"ඕයි ..."

"අනේ ගල්බස්සො කතාකරනවකො."

"ම්හුම් ඕන්නැහැ මට."

"මන් බහිනවා හැබැයි."

හම්මටසිරි බහිනවා කිව්වා විතරයි මෙන්න මූ නැවත්තුවා.දැන් මෙතන අතරමන් කරලා යයිද දන්නැහැ අනේ ඒ තරම් වටින මනුස්සයෙක් මට ඉන්නෙ.

"බැහැපන්."

"ඈ..."

"ඉතින් බැහැපන්."

"මොකක්ද අප්පා..පලයන් බැහැපන් කියහන් ..etc හරි කැතයි ඔය වචන තාරුන්‍යා 😒."

"ඉතින් .."

"ඉතින් කිතුල්.."

"බහිනවා."

"හරි හරි මන් මේ ජෝක් එකක් කරේ.
දන්නැද්ද ඉතින්..."

රවාගෙන ඉස්සරහ බලාගෙන මූ ආයෙ බයික් එක ස්ටාර්ට් කරන් ඉස්සරහට යනවා යනවා නෙවෙයි විදිනවා.අම්මපා මන් මැරෙන්නෙ කවදහරි මේ බස්සගෙ දඩුමොනරෙ ගිහින්.
මූට ලයිසන් තියෙනවද දන්නැහැ ..

"ඒ මේහ්.."

"ම්ම්ම්.."

"ඔහේට ලයිසන් එකක් එහෙම තියෙනවා නේද?"

"නැහැ ඇයි?"

"හත්තික්කේ ...ප්‍රෑන්ක් කරන්න එපා මන් සීරියස් ඇහුවෙ?"

"ඔය ගොන් ජෝක් දෙන එකෙක් නෙවෙයි මන්."

"එතකොට ලයිසන් නෑ."

"හ්ම්ම්."

"ඕයි ඕයි එතකොට කොහොමද මේ රවුම් ගහන්නෙ දවසම."

"මේ යන විදිහට තමයි."

හරි අද මට යහතින් ගෙදර යන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.එක්කො හිරේ ලගින්න වෙයිද දන්නැහැ අඩු වයසින්ම මූ නිසා.
කමක්නැහැ මාව පැහැරගෙන ආවා කියලා මේකව පාවා දීලා මන් කැපෙනවා.පස්සෙ ඇප ගන්න බැරියැ😌.ඕකගෙ ලොකුකමට ඔහොම වැඩක් තමා වෙන්නෝන හුම්.

"තමුසෙ හිතන දේ වෙන්නැහැ ".

"ඇහ් මන්..මන් මුකුත් හිතුවෙ නෑ.ඕයි තමුසෙ කොහොමද මන් හිතුව දේ දන්නෙ?
මලෝට්ටයි අම්මා....මූ වැම්පයර් කෙනෙක්..."

"කෑ ගහන්න එපා ගෑනියෙ."

"අනේ පලෑම් මිනිහො යන්න."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now