- I'M ලෙෆ්ට් -

615 87 48
                                    


ට්‍රීංංංංංංංංං

අද දිනට ඔබගේ අද්‍යන කටයුතු වල නිමාව.

බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා...

යෝවද තං පව කියද්දි වැදගෙනම ක්ලාස් එක ඇතුලට ගියපු මම බෑග් එකත් කරට දාගෙන පඩිපෙළ බැහැගෙන කෙලින්ම ගේට් එක ගාවට දුවන්න හැදුවත්,

"ඔහොම ඉන්නවා.."

හරිනෙ ආසාව මිස්ටර් ගොඩ්සිලා.
නැතහොත් ආදරණීය විනය භාර ගුරුභවතා.

"කොහෙ යනවා කියලද හිතන් ඉන්නෙ තමුසෙ."

අවලමේ යනවා ඇයි අහන්නෙ.😒
"ගේට් එක ගාවට යන්නෙ සර් ප.."

"තමුසෙට ඇහෙන් නැද්ද ගාතා කියනවා.
ඔය බැජ් එකක් ගහන්නෙ තමුසෙලට අනික් උන්ට ආදර්ශයක් වෙන්න කියලා මිසක් අනිත් උන්ට තියෙන නීති තමුසෙලට නැති වෙන්න නෙවෙයි."

"සොරි සර්."

"මට ඕනිනම් ඔය බැජ් එක දැන් වුනත් ගලවන්න පුළුවන් ."

ඉතින් ගලවහන්කො රෙද්ද.😒

මගේ වාසනාවකටද මන් දන්නැහැ එතකොටම ගාතා ඉවර වුනා.

"දැන් යනවා.ආයෙ මේ වගේ වැඩ වෙන්න බැහැ."

"ඕකේ ගොඩ්සිලා."
"මලෝට්ටයි.."

"ඕකේ සර්.."

"මොකක්ද කිව්වෙ තමුසෙ..."

මන් හැටට හැටේ දුවන් ගිහින් නතර වුනේ H හෝල් එක ගාව .පුහ්ඃ දඩ බල්ලෙක් වගේ මන් හති අරින ගමන් කනුවකට හේත්තුවක් දැම්මෙ ලග තිබ්බ පෝලිමෙ හිටපු පොඩි උන් ටිකගෙ කතාවටත් කන දාගෙන.

"ඒ බන් තාරු අක්කා මරු නේද?"

"ඔව් යකෝ එයා වෙනම බ්‍රෑන්ඩ් එකක්."

"හෙන හොදයි බන් තාරු අක්කා.
දවසක් අපි....බ්ලා බ්ලා..."

"ඒයි කියව කියව ඉන්නැතුව යනවා ඕයි ඉක්මනට ."

ඒ ඊරිසියාකාර දුෂ්ඨ මම 🙂.

ආආආආ මන් මොකටද කෑ ගැහුවෙ ඒ පොඩි උන්ට.ආ උන් කතා කරපු නිසානෙ .

කොහොමහරි එහෙම හිත හදාගෙන ගෙදර ආපු මම බෑග් එක ගලවලා දාලා වොශ්රූම් එකට රිංගගන් සුදු ගවුමත් ගලවලා දාලා හෑන්ඩ් ෂවර් එක අරන් මගෙ ගායන සහ නර්තන හැකියාව ඔප් නංවමින් පැයක් පමණ කැපවෙලා අවසානයෙ ජජ් මණ්ඩලය වුන මව් යානාවගෙ දැඩි බලකිරීම මත වොශ්රූම් එකෙන් එලියට ඇවිත් කොන්ඩෙත් ටවල් එකෙන් ඔතාගෙන බෙදල තිබ්බ බත් එකත් කාලා කෙලින්ම පැන්නෙ මගෙ ආදරණීය ලව් එක ගාවට.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now