-A ගුඩ් නිව්ස් -

666 90 12
                                    


"ඔ-ඔයා .
ඒ-ත්- ඒත් ඔයා මෙතන .."

"ඇයි මට මෙතනට එන්න තමුන්ගෙන් අවසර ගන්න ඕනිද?"

විනාඩි කීපයකට පෙර ,

මුලු ස්කූල් එකේම විසිල් අත්පොළසන් මැද්දෙන් ස්ටේජ් එකට නැග්ග තාරුන්‍යා. prime minister වුන හෙඩ් ප්‍රිෆෙක්ට්  බෝයි කතාවක් කරන අතරෙ දැක්කෙ තමන් දිහාවට එල්ලවෙලා තියෙන ඇස් දෙකක්.

පුටු පොලවෙ ගහනවයි කෑ ගහ ගහ බනිනවයි බලන් හිටපු තාරුනය්‍යා එතනට යන්න හැදුවත් ඊලග කතාව කරන්න තිබුන නිසා සද්ද නැතුව බලන් හිටියෙ  ජීවිතේට කියන කිසිම දෙයක් අහන්නැති ඩිපියුටි සිතුනි  දිහා.

තාරුන්‍යා කතාව කරලා සිතුනිව හෙව්වත් සිතුමි ඇතුලු තුන්කට්ටුවෙ දෙන්නෙක් ස්ටේජ් හිටිය නිසා සිතුනි යන්න ඇතියි කියලා හිතලා තාරුන්‍යා තමන්ගෙ යාලුවා වුන හෙඩ් ප්‍රිෆෙක්ට් බෝයිට කියලා මේන් හෝල් එකෙන් එලියට ගියේ සිතුනිව හොයාගෙන.

10-11 සෙක්ශන් එක පහු කරන් යද්දිම ගර්ල් කෙනෙක් අඩන සද්දයක් ඇහිලා තාරුන්‍යා යන ගමන නවත්තලා අඩන සද්දෙ ඇහුන ක්ලාස් එකට ගියේ හැම ළමයෙක්ම මේන් හෝල් ඉද්දී මේ ළමයා විතරක් අඩ අඩ ඉන්නෙ ඇයි කියලා හිතන ගමන්.

ක්ලාස් එක ඇතුලට ගියාම එක ළමයෙක් නෙවෙයි ළමයි දෙන්නෙක්ම ඉන්නවා කියලා දැක්ක තාරුන්‍යා උගුර පාදන ගමන් ප්‍රශ්නාර්ත බැල්මකින් හිටන් හිටපු ගර්ල් දිහායි ඉදගෙන හිටපු ගර්ල් දිහායි බැලුවෙ හේතුවක් බලාපොරොත්තුවෙන්.

"තාරු අක්කා."

"හේශානි නේද ඔයා?"

"ඔව්."

"හේශානි මොක්කද දහයෙ ක්ලාස් එකක කරන්නෙ?"
"මේ ටයිම් එකට ඔයා ඉන්න ඕනි මේන් හෝල් එකේ.එතන අද පාර්ලිමන්ට් එක යනවා කියලා අපි කලින් දැනුවත් කරානෙ ඔයාලව.
කෝ බැජ් එක ඔයාගෙ?"

"අක්කෙ පොඩි ප්‍රශ්නයක් වුනා."

"මොකක්හරි වලියක්වත් දා ගත්තද බැජ් ගැලවෙන්න."

"නෑ ."

"මේක මගෙ වැරැද්දක්."

"නැ-නැහැ මගෙ."

මෙච්චර වෙලා ඔලුව තියන් හිටපු ගර්ල් ඔලුව උස්සලා කියද්දි හොදටම අඩලා තියෙන ලකුනු අඩුවක් නැතුව ඒ ගර්ල්ගෙ මූන පුරා තිබුනා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now