සිරිසේන X ටීරෙක්ස් PART 2

285 39 23
                                    


"මන් තරහයි තවුසෙත් එක්ක වලා.."

මන් ගිරියයටින් කෑ ගහලා කිව්වට සතේකට ගනන් නොගත්ත තාරුන්‍යා මගෙ අතිනුත් අල්ලගෙන වර්ශලටත් එන්න කියන ගමන් පාරෙන් එහාපැත්තට ගියේ කැෆේ එකට යන්න.

"අතාරිනවා මන් කිව්වනෙ තරහයි කියලා."

"තරහයි නම් ගලක් බැදගෙන කන්දෙන් පහළට පැනහන්."

සැක් යකෝ මෙවන් මිනිස්සු උදාරයි .
සිකේ මූට පොඩ්ඩක්වත් රොමෑන්ටික් වෙන්න බැරිද මන් අහන්නෙ.
රොමෑන්ටික් ගැන කතානොකර හිටහන් සිතුවො මතකනෙ ඊයෙ රෑ මූගේ රොමෑන්ටික් බලන්න ගිහින් බෙල්ලෙ පදාසයක් කාලා දැම්මා.අම්මෝ අම්මෝ රොමෑන්ටික් එපා.

මටත් පල් හිනාවක් දාගෙන තාරුන්‍යා කැෆේ එකට යන පඩිපෙළ දිගේ උඩට ගියේ මාව දාලා.

මේක කරන්න බෑ යකෝව්.

"කෝ කෝ උබේ මිනිහා ගියාද?"

"ඔක්කොම එකයි උබලා."

මේ මොන ප#ක්ද වගේ බැල්මකින් වර්ශා ගිම්හා දිහා බලද්දී මන් උන් දෙන්නටත් රවලා උඩට බඩගෑවෙ අම්මපා ආයෙ කතාකරන්නෑමයි කියලා හිතාගෙන.ඇයි යකෝ ඌ අලිවංසෙන් නම් මන් යනවා ඇතිනිවංසෙන්.

මන් යද්දී සිහැස් අයියා ටේබල් එකක් වෙන් කරගෙන ඉන්නවා පෙනුනත් අලිවංසෙ නම් නෑ.
වටේටම ඔලුව දාලා බලද්දී පොර ඉන්නවා bookshelf එකක් ගාව පොත් තෝර තෝර.
මේ මනුස්සයට පොතක් දැක්කොත් මාවත් අමතකයි.

මාත් ඉතින් තාරුන්‍යා ගාවට ගියේ ඒකවත් එක්කගෙන සිහැස් අයියා ගාවට යන්න.

මේකෙ වැඩිය මිනිස්සු පිරිලා ඉන්නැතිනිසා හරිම නිදහස් ගතියක් දැනෙන්නෙ.අනික තැනින් තැන පොට්ස් වල පැළ වර්ග තියලා තියෙන නිසා නැචුරලි වයිබ් එකක් දැනෙන්නෙ.ඒ වගේම bookshelf වලින් ඕනි පොතක් අරන් කෝපි කෝප්පයක් බොන ගමන් කියවන්නත් මෙතන චාන්ස් එක තියෙනවා.මන් අහලා තියේ තාරුන්‍යා කැෆේ එකේ ඩේලි කස්ටමර් කෙනෙක්.

"මේ ඔය පොත් තේරුවා ඇති යන් සිහැස් අයියා ඇවිත්."

"ආ හ්ම්ම්."

බකමූණා.
මේ මනුස්සය ඒත් පොතක් අරගෙනම තමයි එතනින් ඈත් වුනේ.
අපි යද්දී සිහැස් අයියා ඈතින් පේන ග්ලාස් එක දිහා බලන් ලොකු කල්පනාවක.
ග්ලාස් එකෙන් එලිය බැලුවම ටවුන් එකම පේනවා.එතන ඉදන් ඉන්නත් පුළුවන් නිසා මන් ආසාවට යන්න හදලා නතර වුනේ ඔක්කොටම කලින් මේ සිරිසේනගෙ ප්‍රශ්නෙ විසදන්න ඕනි නිසා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Donde viven las historias. Descúbrelo ahora