- මේක දරුණුයි -

475 58 57
                                    


"මොකද මනුස්සයො ඔච්චර හයියෙන් බ්‍රේක් ගහන්නෙ?"
"තව ටිකෙන් නහයක් හොයන්න වෙනවා මට."

$තමුසෙට ඕනි විදිහට නෙවෙයි මට ඕනි විදිහට මන් බයික් එලවන්නෙ."

"හැච හැච හැච..."
"පරිස්සමෙන් යන්න හාද?"

"හ්ම්ම්."

තාරුන්‍යා යන දිහා බලන් හිටපු සිතුමි ගෙදර දොරත් ඇරගෙන ඇතුලට ගියේ ලොකු සතුටකින් වගේම තමන්ටවත් හිතාගන්න බැරි හිත් වේදනාවකින්.

සිතුමිව ගෙදරට දාපු තාරුන්‍යා ගෙදරට යන පාරට දාද්දිම ඈතින් පෙනුන ඈෂ් කලර් කාර් එක දැක්ක ගමන් ආපහු හරෝගෙන යන්න හිතුනත් ප්‍රශ්නවලින් පැනලා යන පුරුද්ද කෙසේ වෙතත් ගෙදර මිනිස්සුන්ට වුනත් සෙකන්ඩ් වෙන්න හොදනැහැ කියන දේ අකුරටම පිලිපැද්ද තාරුන්‍යා බයික් එක නවත්තලා ගේ ඇතුලට ගියේ විසිල් එකකුත් ගහන ගමන්.

මුලු ගෙදරම පට්ටම නිශ්ශබ්දව තියෙද්දි තාරුන්‍යාගෙ විසිල් එකත් ඇහුනෙ මූසල විදිහට.

තාරුන්‍යා කිසිම කෙනෙක්ව ගනන් නොගෙන කාමරේට යන්න හැදුවත් කාමරේ ලොක් කරලා තිබුන නිසා ප්‍රශ්නාර්තයක් එක්ක බැලුවෙ සාලෙ ඉන්න මිනිස්සු දිහා.

"අම්මා යතුර කෝ? "

"උබට ආයෙ මේ ගෙදර යතුරු නෑ."

"මන් කතා කරේ මගෙ අම්මට."

"කතා ඕන්නැහැ චූටිදුව මේකිගෙ බඩු ටික ලෑස්ති කරපන්."

"මේ මේ මිස්ටර් රණවීර තමුන් මගේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නැතුව පාඩුවෙ ඉන්නවා".

"උබ කාටද ඔය කතා කරන්නෙ?"

"කම්මුල හරහට වැදුන පාර නිසා කම්මුලත් අල්ලගෙන තමන් ඉස්සර ඉන්න තමන්ගෙම අක්කා දිහා තාරුන්‍යා බලන් හිටියෙ කලකිරීමෙන්."

"එතකොට ඔයා.. ඔයා මට ගැහුවා නේද?ආ ආ උබලා ඔක්කොටම ඕනි මාව මරාගන්නද?"

"කටවහනවා සුදූ."

"අම්මා ඇයි ඔයා කටවහන් ඉන්නෙ.ඔයාටවත් බැරිද මේ මිනිස්සුන්ට තේරුම්කරන්න."

"මේ තේරුම්ගත්ත ටික හොදටම ඇති සුදූ.
අදම ඔයා සීයා එක්ක මහගෙදර යන්න ඕනි."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Donde viven las historias. Descúbrelo ahora