- මොකක්ද ඒ අවුල ..-

483 64 42
                                    


බෑග් එකත් උස්සන් මන් පිටිපස්සෙ ගේට් එක ගාවට දුවද්දි හිතුවා වගේම පොර බයික් එක ස්ටාර්ට් කරන් පාරටත් දාන්න යනවා.

අනේ අම්මපා මාත් කැමති වුනානෙ මෙහෙම යකෙක්ට.

දැන් මොනා කරන්නද කෑගහන්න තමයි තියෙන්නෙ .

"හෝව්... හෝව්  ....."

හති දාගෙන දුවලා ගිහින් බෙල්ල හරවගෙන බලන් ඉන්න තාරුන්‍යා ගෙ බෙල්ල ගැලවෙන්න පාරක් ගහන්න හිතුනත් මන් හෙන හොද ළමයනෙ ඕවා කරන්නැහැ.

මන් මෙතන හති අරිනවා.

මූ කිංඩියට හිනා වෙනවා .

"මොකද?"

"ඇයි?"

"මොකද හිනාවෙන්නෙ."

"මුකුත් නෑ."

මුකුත් නෑ කියලා ආයෙ බුම්බ ගත්තා.
බකමූණා.

කොහොමහරි තාරුන්‍යාගෙ කරේ එල්ලිලා අපේ ගෙවල් ලගටම ආවා .වගකීමෙන් කියන්නෙ මූ වචනයක් කතා කරේ නෑ මාත් එක්ක.මෙන්න වසරෙ හොදම කපල් එක.

මන් බැහැලාත් බලන් හිටියෙ මොනාහරි කියයි කියලා ..නෑ..😒.

"පරිස්සමෙන් යන්න."

"හ්ම්ම්."

"මොකක් හරි අවුලක්ද?"

"නෑ."

"හරි එහෙනම් බායි."

"හ්ම්ම්."

ගියා..ෆ්ලෑශ් වැහුනා වගේ.

මන් තාම ගේට් එක ඉස්සරහ.

අනේ මලවිකාරෙ මටත් ට්‍රැක් පනිනවා මුගෙ වැඩ වලට.

ඔලුවටත් එකක් ගහගෙන දොරත් ඇරගෙන ගෙදර ඇතුලට ගිහින් කාමරේ දොරත් ඇරලා ඇදට පතබෑවුනෙ දැනුන මහන්සියයි අමුතුම ෆීලින් එකයි නිසා.

AUTHOR POV,

බයික් එක ගාර්ඩ්න් එකේ දාපු තාරුන්‍යා කෙලින්ම කාමරේට ගිහින් දොර වහගත්තෙ ටිකක් තනියම ඉන්න ඕනි කියලා හිතුන නිසා.

සාක්කුවෙ තිබ්බ ෆෝන් එක ඇදලා අරන් හරි කලබලෙන් අන්ලොක් කරලා ගැලරි එකේ රිමූ ෆෝල්ඩර් එකට ගියේ තවත් ඒ ෆොටෝ එක තියෙනවද කියලා බලන්න.

ස්කිප් කරගෙන කරගෙන යන අතරෙ එකපාරටම එක ෆොටෝ එකක් ගාව නතර වුන තාරුන්‍යා ටික වෙලාවක් ඒ දිහා බලන් හිටියෙ හිතට කලින් ඇස් බොද වෙද්දී.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now