- නුවරඑළි ඩේට් -

281 36 14
                                    


"යකෝව් අයියේ උබ අපේ සිරීගේ කැඩුවද??"

මන් ඇස් දෙකත් විසාල කොරන් සිහැස් අයියගෙන් ඇහුවම පැත්තක හිටපු තාරුන්‍යා..

"කඩන්න ඌ ගෑණියක්ද ?"

"ඒව් ඒව් සිතූ.."

"කටවහපිය.."
සැහ් හිතලා කිව්වෙ නෑ යකෝව්.

මුකුත්ම නොකියා ටිකවෙලාවක් හිටපු සිහැස් අයියා කතාකරන්න ගත්තෙ ලොකු පසුතැවීමකින්.

"හරි මෙහෙමයි වුනේ.."

"උබට දැන් කියන්න බැරි නම් වෙන උබට සෙට්ල් වුන ටයිම් එකක කියහන් ."

මුගෙ ආච්චිට..යකෝ අපි මේ කෙළ හලාගෙන වුන මගුල අහන්න බලන් ඉන්නවා මේ මනුස්සයා අහවල් එකක් කියනවා.

"අනේ මේ ආයෙ පහු ඕන්නැහැ දැන් කියන්න අපි මෙච්චර මේ ආවෙත් ඒකනෙ."

මන් තාරුන්‍යාටත් රවලා කිව්වම මනුස්සයා ලාවට හිනාවෙලා ඔලුව දෙපැත්තට වනලා අර පොත අස්සට ඔලුව ගහ ගත්තා.

පුහ් පිස්සු පූසෙක්.

"හරි හරි බන් මන් කියන්නම් ."

(මෙතන ඉදන් සිහැස් ලොක්කගෙ pov එකෙන් යන්නෙ)

ජනිත්ට මන් මගෙ ෆීලින්ග්ස් කියලත් මාස පහකටත් වැඩිය ගෙවිලා ගියත් අපි දෙන්නට තනියම කතාකරන්නවත් අඩුම පොඩ්ඩක් ළං වෙලා ඉන්නවත් නිදහස් වෙලාවක් ආවෙ නැති තරම්.මන් ස්කූල් නොගියත් ජනිත් නිතරම ස්කූල් ගිය නිසා පිටින් හම්බෙන්න පුළුවන් සම්භාවිතාවත් සෑහෙන්න අඩුයි.
අනික ජනිත්ගෙ ෆැමිලි එකේ එකම ළමයා එයා නිසා නීති කොහොමත් වැඩියි.

කොහොමහරි ස්කූල් එකේ නිවාඩුත් නැති නිසා අවසානෙට ජනිත් එක්කත් කතා කරලා නුවරඑළි යන්න අපි කතාවුනා.ජනිත් ගෙදර අයට තාරුන්‍යාලගෙ ගෙදර යනවා කියල තමයි ආවෙ තාරුන්‍යා එතකොට හිටියෙ මෙහේ නෙවෙයිනෙ.කොළඹනෙ.ඒ නිසා එයාලත් වැඩි ප්‍රශ්න අහලා තිබ්බෙ නෑ ජනිත් තාරුන්‍යා පොඩි කාලෙ ඉදන්ම අදුරන හොද ෆ්‍රෙන්ඩ්ස්ලා නිසා.

කොහොමහරි අපි මගෙ කාර් එකේ තමා නුවරඑළි ගියේ උදේ හතට වගේ ගියපු අපි නුවරඑළිය ටවුන් එකට යද්දී ටිකක් හවස් වුනා.ඊටපස්සෙ ග්‍රෙගරි ලේක් එක ගාවින් නවත්තලා ටිකක් රෑ වෙනකන් අපි දෙන්නා ග්‍රෙගරි ලේක් එක ගාවට වෙලා හිටියා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 24 ⏰

Add this story to your Library to get notified about new parts!

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now