- මලවිකාර -

516 71 28
                                    


අපේ අයියා කියන බොම්බිලියාගෙ යාලුවෙක් කිව්වට මේ මනුස්සයව මන් දැකල තියෙන්නෙ එකම එක පාරයි.මූත් බොම්බිලියෙක්ම තමා කරවල ගදේ බෑ.පන්ඩිත ටෝක් දුන්නට දැන් නම් පොඩි බයකුත් මෝදු වීගෙන එනවා එනවා වගේ.

මන් උගෙ උරහිසේ එල්ලීගෙන යන අතරෙ සයිඩ් කන්නාඩියෙන් ශේප් එකේ මූ දිහා බැලුවා.ම්හුම් ඔය ඉන්නෙ අපෙ එකාටම හරියන්න බොම්බිලි ශේප් එකෙන්.

ඔය විදිහට බොම්බිලි මිතුරගෙ බයික් එකෙන් මන් ජනිත්ලගෙ ගෙවල් හරියට වෙනකන් වගේ ආව එකපාරට මේ යකෝ ගැහුවා කියහන්කො බ්‍රේක් එකක්.යකෝ බොහොම අමාරුවෙන් මෑණියන් ගිල්ලපු බත් ටිකත් මේ වමාරවන්න හදන්නෙ මුන් ඔක්කොටම තියෙන්නෙ පුදුම අමාරුවක්නෙ යකෝ මගෙ අහින්සක නහයෙන් පලි ගන්න හදන්නෙ මෙ අහිංසකී මොන වැරැද්දක් කරාටද?රෙද්ද.

"ඕයි නංගි."

හූයි නංචි ගානවා තව ගොබිල කරවලයා.

"ඇයි?"

"තමුසෙගෙ කවුරුහරිද අර?"

"කොර?"

"ඉස්සරහ බලහන් බන්."

මූට ගෝල්ඩ් රයිස් කැවිලද කියලා මන් ඔලුව කරකවලා බැලුවෙ මූ කියන කොරයා මොකාද කියලා.

"මලෝට්ටයි වට්ද ෆක්."

"උබ මොකද ඒ පාර කුනුහරප කියවන්නෙ."

හුටා ඒක හිතින් නෙවෙයිද කිව්වෙ?

"කවුද බන් ඒ?"

"ආ මේ මේ.."

මට මුකුත් කියන්න වුන්නැහැ ඉස්සර බයික් එක නවත්තන් හිටපු එකා ඇවිත් තවමත් කක්කුට්ටෙක් වගේ ගොබිල කරවලයගෙ උරහිසේ එල්ලිලා ඉන්න මන් දිහාත් ඌ දිහාත් බැලුවෙ රවාගෙන.

"බහිනවා."

"මො..මොකක්ද ?"

"ඇයි උබට කන් ඇහෙන්නැද්ද ?"

"ම...මන්.."

හයියෝ කඩවලේ මේ මනුස්සයා මට ගෙදරිනුත් යන්න වැඩ කරන්න යන්නෙ කරවලයා ඇස් කටේ තියන් බලන් ඉන්නවා මට හොදට පේනවා.

"තා..තාරුන්‍යා.."

"තාරුන්‍යා තමයි බැහැපන් දැන්ම මන් උබට ආයෙ කියන්නැහැ."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now