- අවාරෙක මෙහි ඇවිත් -

579 68 58
                                    


බෑන්ක් ටවුන් ස්ටෑන්ඩ් එකට පයින්ම ගෑටුව මන් එක කරක තිබ්බ බෑග් එක අනිත් කරට මාරු කරගත්තෙ වටේ ඉන්න ළමයි මන් දිහා අමුතු සතෙක් වගේ බලන් ඉන්නවා දැකලා.

සමහරවිට මගෙ ඇස් හොදටම රතුවෙලා නිසා වෙන්නැති.

එහෙම්මොම ආපු සීටීබියකට නැග්ග මන් පොල් පටෝලා වගේ ඉන්න සෙනග අස්සෙන් රිංගලා ශීට් එකක් අල්ලගෙන හිටගත්තෙ ඉක්මනට ගෙදර යන්න ලොකු උවමනාවක් තිබ්බ නිසා.වෙනදට මන් මෙහෙම හිටගත්තම තාරු අනිවාරෙන් මගෙ පිටිපස්සෙන් ඇවිත් බස් එකේ උඩපොල්ල අල්ලගෙන මන් ගාවින් හිටගන්නවා.ඒත් අද...

හ්ම්ම්ම්...

මන් හැගීම් පිරුනු හුස්ම ගොඩක් ඇතෑරලා පහුවේගෙන යන පාරවල් ගෙවල් දිහා බලන් හිටියෙ තාරු මොනාකරනවා ඇද්ද කියලා හිතන ගමන්.වර්ශා නොකිව්වට මන් දන්නවා තාරුට ඉස්සර ඉදන් ප්‍රොපෝස් කරපු ඇටගෙම්බෙක් ඉන්නවා කියලා.ඒකත් අර රණවීර සර්ගෙ මගුලෙ ප්ලෑනක්.අනේ ඔය ප්ලෑන් අකුලලම තියාගන්න සෑර්.දෝණියැන්දැව මේ කෙලී අයිතිකරන් ඉවරයි.

අර ඇටගෙම්බගෙ හොම්බ තලලා බොම්බයි මොටයි දාලා කලු ගගේ මාලුන්ට කන්න දානවා මන් හිතෙන් මවාගත්තා.
සා වාව් ඌගෙ මූන තමා මුලින්ම බ්ලෙන්ඩර් කරන්න ඕනි.
ලැජ්ජාවක් නැති ඇටයා.
ඔච්චර තාරු ඌට ගහලා තියෙද්දිත් මේ පෙරේතයා හැනේ තාරු හැයි හැයි ගගා එනවනෙ.
වෙන මුකුත් නෙවේ මුන් ඔක්කොගෙම තියෙන්නෙ තණ්හාව.අනේ අම්මපා මෙහෙමත් යක්කු ටිකක්.

"සමාදි එක ගාව බහින අය ඉස්සරහ එන්න..."

කොන්දොස්තර අයියගෙ ලෑටිවොයිස් එක නිසා අරූව හමගහලා ලුණු වතුරත් හලන ගමන් හිටපු මගෙ අවදානෙ බිදිලා මෙච්චර වෙලා පාණාතිපාතා වේරමණි සික්ඛා පදය හිතින් බිදලා හිටපු මන් හෝල්ට් එකෙන් බැහැලා පයින්ම ගෙදර පැත්තට ගෑටුවෙ වටේ උන් රබර් ඇහැත් දාගෙන බලාගෙන ඉද්දි.

"මොකද දූ අද ක්ලාස් තිබ්බද?"

"නෑ ආන්ටි මන් මල්මල් ආදර ජවනිකා බලලා එන ගමන් මේ ආන්ටිගෙ දූ පොඩ්ඩත් මන් දැක්කා බස් ස්ටෑන්ඩ් එකේ පොල්ලක් බදාගෙන ආදර මල් පවනේ යනවා.."
"එන්නම් ඈ.."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now