- මේක මගේ කතාව ...! -

617 71 47
                                    


ඒ 2021 මැයි මාසෙ කාලෙයක් ,

පුරුදු විදිහට මන් බෑග් එකත් කරේ දාගෙන ක්ලාස් පාර දිගේ ඇවිදන් ගියේ අදත් තනියම.

රේල් පාර පැනපු ගමන් අපේ ක්ලාස් එකේ බැල්කනි එක පේන නිසා වෙනද පුරුද්දට මන් බැල්කනි එක දිහා බැලුවෙ සවී ඉන්නවද බලන්න.

වෙනදා වගේම අත වනනවා දැක්ක ගමන්.

සවී මගෙ පොඩි කාලෙ ඉදන් හොදම යාලුවා.
කාලෙ කියන්නෙ හරි අපූරු මායාවක් කියනවනෙ ඒ මායාවට අහුවුන ආත්ම කීපයක්නෙ අපි.ඉතින් අපිට වෙන දෙයක්වත් වුන දෙයක්වත් වෙනස් කරන්න බෑ.

මාත් ඉක්මනට පඩිපෙල නැගලා ක්ලාස් එකෙන් බෑග් එක තියලා බැල්කනි එකට ගියේ සවී එක්ක දවසෙ වුන දේවල් කියවන්න.

උරහිස ගාවට තියෙන කොන්ඩෙ පෝනියක් දාන් යන එක සවීට පේන්නම බැරි නිසා ආපු ගමන් කරන්නෙම මට කොන්ඩෙට බනින එක.මොනා කරන්නද අම්මලගෙ ආසාව නිසා මෙච්චරවත් තියන් හිටියෙ.
සවී එක්ක කියව කියව හිටපු මගෙ ඇස් එකපාරට නතර වුනේ කේන්තියෙන් රතුවුන බෝල ඇස් දෙකක් ගාව.බෝල ඇස් දෙක හරි කලබලයි හතර වටේම බල බල කාටහරි බනිනවා .මන් බෝලඇස් දිහා බලන් ඉන්නවා දැක්කා විතරයි මටත් රවලා ක්ලාස් එක ඇතුලට ගියේ පළවෙනිපාරට ඒ බෝල ඇස් ඉස්සරහ අමුතුම හැගීම් ගොඩක් හිතට ගලන් එද්දී .

දනහිසටත් පහලට දිග කොන්ඩෙත් කඩාගෙන එහෙ මෙහෙ ඇවිදින බෝල ඇස් දිහාවට මගෙ ඇස් දෙක නිතර යනවා සවීට පොඩ්ඩක් විතර තේරුම් යන්න ගද්දි වගේ සවී ටිකෙන් ටික මගෙන් ඈත් වෙන්න පටන් ගත්තා.මිනිස්සු හරි පුදුමාකාරයි.අපි නොදන්න ගොඩක් ගුප්ත හැගීම් ගොඩක් උන්ගෙ පපු කුහර අස්සෙ හංගගෙන ජීවත් වෙන්න උන් හරි දක්ශයි.

සවීට මාව තේරුම්ගන්න බැරිවුන එකට කවදාවත් මන් සවීට බැන්නෙ නැහැ.එයා මගෙන් ඈත් වෙන්න ඈත් වෙන්න මන් තනියෙම ඉන්න පුරුදු වුනා.ඒ වගේම බෝල ඇස් මගෙ මුලු කාලයම ආක්‍රමණය කරා.

දින සති මාස ගෙවිලා ගියා සවීට මන් යාලුවෙක් කියලාවත් කියන්න බැරි තරමට එයා මගෙන් ඈත් වුනා.එතකොට බෝල ඇස් තව තවත් මගේ හිතට ලං වුනා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now