clg 01-Destiny Will Give Everything

215 30 30
                                    

Author -: @kim_nana_4

Special-:
         Fantasy
         Time travel
         G×B

Plot-:

ඔහු නමින් කිම් ටේහ්‍යුන්ග්. තාම කෝලේජ් යන අවුරුදු 21 ක් වුණ එක තරුණ කොල්ලෙක්. අවුරුදු 15 වෙද්දී දෙමාපියන් අහිමි වුණු ඒත් එයාගේ හරාබොජි එක්ක සැප සම්පත් යටතේ ජීවත් වුණ කෙනෙක්. කොල්ලට යන්තම් අවුරුදු 19 සම්පූර්ණ වෙන්න එද්දීම හිටපු එකම නෑදෑයත් දාලා යන්නේ අවාසනාවකට වගේ. ඒත් ටේ ඇඬුවේ නෑ ඒ එකම වතාවකවත්.  එයාට දැනුණේ පිටස්තර හැඟීමක්. දුකයි ඒත් ඇඬුවේ නම් නෑ. හරියට එයාගේ හදවත ගැහුනත් ඒක එයාගේ නෙවෙයි . එයාගේ හදවත තාම එයාව පිළිගන්න මග බලන් ඉන්නවා වගේ  හැඟීමක්  .
 
ඒ නිසාමද මන්දා එයා මාෆියා වැඩ ගැන උනන්දු වුණේ . අහිංසක අයව පාගන ලොකු සල්ලිකාරයන්ව සමාජෙන් අයින් කළේ .
     එයා කැමතිම දේ වුණේ අභිරහස් හුඟාක් පිරුණු මුහුදට . ඒක ඇත්තටම පුදුම තැනක්. එයා කැමතිම දේ surfing වුණා , එයාට හිතට වද දෙන හීන පෙනෙද්දි . හරියට පරණ මාලිගා. ඒවත් මහ මූසල පාට , අන්ධකාරය පැතිරුණු.  හොඳම දේ ටේ කියන්නේ සාමාන්‍යය ජීවිතේට....අඳුරට එහෙම අකැමැති කෙනෙක් වුණත් ඒ හීන වල තියෙන ගුප්ත අඳුරට එයා කැමති වෙනවා වගේ හැඟීමයි . ඒක නිකන්ම තැනක් නෙවෙයි ඒ එයාගේ ගෙදර වගේ හැඟීමක්.

එතකොට මේ කතාවේ අනික් චරිතේ තමයි මින් කියාරා  . අවුරුදු 21. දක්ෂ ගෑණු ළමයෙක්. එයාගේ දෙමාපියන් නැති වුණ විදිහ වගේම එයා කාගේ කවුද කියන්නත් දන්නේ එයාම විතරයි .
     
එයා ජීවත් වෙන්නේ ගුප්ත සයුරෙන් එහා ගිය තැනක. ඒක මොන වගේද කියලා මං විස්තර කරන්න ඕනී...ම්ම්ම්ම්.................... ඒක  හරියට ..................... එක සමාන්තර ලෝකයක් වගේ.වෙනස කට තියෙන්නේ ඒක නවීන පන්තියත් අතීතයත් එකට එකතු උණු තැනක් . කිරුළ පැළඳපු නායකයෙක් යටතේ පාලනය වෙන තැනක් . එහෙම තැනකයි ඒ කෙල්ල ජීවත් වෙන්නේ . ඒ වගේම ඉරණම තීරණය කරපු සහකාරයා එනකම් මගබලන් ඉන්න කෙනෙක්. ඒ වගේම ඒ ලෝකේදී තනිකර පිස්සියක් වගේ... මෝඩයි වගේ හැසිරුනට , තාක්ෂණය අතින් හුඟක්ම දක්ෂ කෙනෙක් එයා.  කවුරුත් නොදන්න web ip address එකකින් ජීවත් වෙන කෙනෙක් ( silver rose = TR : Taehyung's rose ). එයාගේ අනන්‍යතාව රෝස මලක්.

The illution Of Thought Where stories live. Discover now