clg 02-A Lovely Robot Heart

86 11 9
                                    

Author-:Bangtan_Army_Girl3

Special-:G×B
                Fantasy
                Fan fiction

Name:- A lOVELY ROBOT HEART

Intro :- මං මේ කතාව ලියන්නේ සමාන්තර ලෝක දෙකක් අතර.ඒ කියන්නේ තාක්ෂණික ලොකයක් හා සාමාන්‍ය ලෝකයක් අතර.
_
Plot :-
මේ පෙන්ට්‍රෆෙලින් නම් ලෝකයේ ඇබර්ඩන් නගරයයි..සුපුරුදු පරිදි තාක්ෂණය හා සම්බන්ධතා පවත්වමින් නව නිපැයුම් හා නිර්මාණ සිදු කරන මේ නගරයේ වැසියන් ගත කරන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතයක්...තාක්ෂණය තම ජීවිතයේ වටිනාම සම්පතක් ලෙස සලකන මොවුන් නිර්මාණකරණය ඉදිරියේ ඉතාමත් දියුණු ලෝකයක්.
( Picture 07)

තාක්ෂණික මට්ටමින් ඉහල වාහන , මෙන්ම රොබෝ නිර්මාණ මෙහි ප්‍රධාන වේ. මෙම නගරේ එක් දක්ෂ විද්යාඥයෙක් වන කිම් නම්ජූන් විසින් නිර්මාණය කරනු ලැබූ නවතම රොබෝවරයා රොබෝ ඉතිහාසයටම මෙතෙක් කිසිවක් උත්සාහ නොකල නිර්මාණයකි..ඒ සදහා ඔහු අවුරුදු 08ක් මුලුල්ලේ මිනිස් මොලයේ ක්‍රියාකාරිතවය අධ්‍යයනය කර තාක්ෂණය සමග ක්‍රියා කරන කෘත්‍රිම නියුරෝන සෛල නිශ්පාදනය කර තාක්ෂණික මොලයක් නිර්මාණය කිරීමට සමත් විය..ඒ ඇසුරෙන් ඔහු නිර්මාණය කල රොබෝවරයාව දුටු කිසිවෙකු මේ රොබෝ කෙනෙක් යැයි විශ්වාසය නොකරන තරම් ය..මෙය ඔහු ඔහුගේ තාක්ෂණික ජීවිතේ ලැබූ උසස් ජයග්‍රහණයක් විය..
(Picture 10,08,09,05,03,04)

" අවසානයේදි මගේ නිර්මාණය සාර්ථක උනා..මං මේ රොබෝවරයා ජංකුක් යන නමින් හදුන්වනවා..."
_

වෙනදා වගේම අදත් ලස්සන දවසක්..ඒත් සුපුරුදු පරිදි කෙල්ල අදත් පරක්කුයි ...8.00 ට ලෙච්චර් හෝල් එකේ ඉන්න ඕන කෙල්ල තාම බස් ටෑන් එකේ...අදනම් හොදටම අහගන්න වෙනවා කියලා හිත හිතා බස් එකක් එනකං බලං ඉදලා ඉදලා බැරිම තැන පයින්ම යුනි යන්න පටන් ගත්තා..

මේ ඉන්නේ සෝයුන්..කිම් සෝයුන්.
කොරියන් යුනිවර්සිටි එකේ තාක්ෂණය හදාරන අවුරුදු 25ක ලස්සන කෙල්ලෙක්.
Technology පැත්තට ගොඩාක් දක්ෂ නව අදහස් තියෙන කෙල්ලෙක්.

කොහොම හරි 10.00 වෙද්දි පයින්ම යුනි එකට ගිය කෙල්ල දැක්කේ අනිත් අය ලෙච්චර් ඉවර වෙලා හෝල් එකෙන් එලියට එනවා..ඒ ගමන්ම professor සෝක් ජින් තරහින් එලියට එනවා දැක්ක කෙල්ල..පසු පස නොබලා දුවන්න පටං ගත්තා. අන්තිමේට යුනිවර්සිටි එකේ forest area එකට ආව කෙල්ල ගහකට හේත්තු වෙලා හති අරින්න ගත්තා ....

" අම්මෝ...ඇති යන්තං බේරුනා..අද අහුවුනා නම් ආයේ පැය දෙකකට රැප් දේශනාවක් දෙයි මදි නොකියන්න...හෝල් එකෙන් එලියට ආපු විලාසෙ නම් එච්චර හොද නෑ සෝයුනා...පුලුවන් තරම් ඉක්මනට ආපහු  ගෙදර ගියොත් තමයි හොද..නැත්තං ඉතිං ඔයා left තමයි "

අමාරුවෙන් හති ඇර ඇර ඉන්න කෙල්ලගේ ඇස් එකපාරටම ගස් දෙකක් මැදින් ආපු එලියකට යොමු උනා... ඒක හරියට කැරකෙන රව්මක් වගේ..මොකද්ද ඒ එලිය කියලා බලන්න ලගට ගිය කෙල්ලව එක පාරටම ඒ එලිය ඇතුලට ඇදිලා ගියා ...ඒ එක්කම කාගේ හරි ලැබ් එකකින් මතුවුනා..එකපාරටම මොකද්ද ඒ උනේ කියලා හිතාගන්න බැරුව ශොක් උන කෙල්ල වට පිට බැලුවම එයා හිටියේ කොහෙට හරි යන පාරක් මැද,එක මනුස්සයෙක් වත් හිටියේ නෑ .කව්රු හරි ඉන්නවද කියලා බලන්න ඉස්සරහට ඇවිදගෙන ගිය කෙල්ල නැවතුනේ ලොකු කාමරයක් ලග. ඒක ඇතුලට ගිය කෙල්ල දැක්කේ මැශින් ගොඩාක් සෙට් කරලා තියෙන ඇදවල් ටිකක්..(picture 01,02,06)

මෙතනින් පස්සෙ කුමක් සිදු වෙයිද??

සෝයුන්ට ආපසු හැරී තම ලෝකෙට ඒමට හැකි වේවිද?
නැතිනම් සදහටම එම ලෝකයේ හිර වීමට සිදු වේද...?

බැරි වෙලාවත් එහෙ සිටින රොබෝ කෙනෙක්ට ඇය ආදරේ කරොත්.....?
_
*ඉතින් මේ කතාවේ ඉදිරිය දැකීම සදහා රැදෙන්න.. ඇය සමගින්.. 😁

ඕකේ කස්ටිය.. ඔන්න මේ plot ඒකත් පොතක් වෙන්නලු යන්නේ.. අපි සුබ පතමු.. එහෙම නේද.. ඒ වගේම ඒක කියවලා බලන්න.. ලස්සන වගේම වෙනස් කතාවක් වෙන්න ඇති අනිවාර්යෙන් ම.. ම්ම් හැබැයි.. එයා දැන්ම නම් publish කරන්නේ නැති වෙයි..

❤❤❤❤*

The illution Of Thought Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ