*clg 01- Vampire Heart

111 17 20
                                    

Author-:@rithuahinsa

Main characters-:
              කිම් ටෙහියුන්ග්
              (Vampire prince)
              රියා
              (Human)

Catogories-:
               G×B
               Vampire

Special-:
              Mate bond
              Age gap

Plot

රියා ජිවත් වෙන්නේ ලොකු ගගක් ළග තියන පොඩි ගමක. පොඩි කාලේ ඉදන් එයාට දෙමව්පියෝ හිටියේ නැති උනත් එයාගේ ආච්චි ඒ කිසිම අඩුවක්‌ දැනෙන්න දුන්නේ නැ. රියා එයාගේ ආච්චිත් එක්ක ගොඩක් සතුටින් ජිවත් උනා. ඒත් රියා ට වයස අවුරුදු 17 ක්‌ විතර වෙද්දී රියා ව ඒ අමුතු ගම මැද්දේ තනි කරලා දාල ආච්චි යන්නම යනවා. මෙච්චර අවුරුදු ගානකට දැකලා නැති විදියේ අදුරු බවක් රියා ට දැනෙන්න ගත්තා. එතකොට මේ අවුරුදු ගානටම මේ ගමේ අදුරු බවක් තිබ්බේ නැද්ද .. ම්ම් නැ..ගමේ කිසිම වෙනසක් වෙලා නැ. ඒත් රියාට ආලෝකයක් වෙච්ච එයාගේ පහන නිවිලා ගිහින් නේ. ගමේ මිනිස්සු රියාට දුන්නේ ඒ වගේ පැහැදිලි කිරීම්.

ඉතින් ඔය වගේ එක දවසක රියා නිදා ගන්න කියලා එයාට තිබ්බ පුංචි ඇද උඩට නැග්ගා. නිදා ගන්න කියලා කෝට්ටේ මුණ ඔබගෙන හිටපු රියාට මේ මාස ගානට හැම දවසකම රෑ උනා වගේ කදුළු වලින් එයාගේ කොට්ටෙම තෙමලා දාන්න පුළුවන් උනා.ඉතින් ඔන්න ඔය වෙලාවේ තමයි රියාට ඇහෙන්නේ ගොඩක් ගැබුරු කට හඩකින් කනට කරලා මුමුණන ලස්සන සින්දු පද පේලි.සින්දුවට වශී වෙලා තප්පර ගානක් හිටියත් ඒ ගෙදර ඉන්නෙ එයා විතරයි කියලා මතක් උන රියා ඉක්මනට ඇදෙන් නැගිටලා බැලුවත් එයාට කිසිම කෙනෙක් හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ඔය වගේ තව‍ මාස ගානක් ම රියාට ඒ ලස්සන සින්දු හැමදාම රැට අහන් ඉන්න පුලුවන් වෙනවා. ඒත් රියා කැමති ද ඒකට.ම්ම් කැමති ටිකක්. ඒත් ඊට වඩා ගොඩක් බයයි. එයා හැමදාම රැට බයෙන් බයෙන් හ‍රි ඒ සින්දු ඇහෙනකම් බලන් ඉදලා කොහොම හ‍රි අඩන්නත් අමතක ම වෙලා යනවා.

ඔය වගේ හැමදේම හොදට සිද්ද වෙද්දී තමයි ගමට මැර කල්ලියක් කඩාගෙන පනින්නේ. එයාල දිහා බලද්දී නම් නිකන් ම මිනිස්සු කියන්න බැ. රියා ගමේ රෑ ඇවිදින්න ගියපු වෙලාවක තමයි ඒ මැරයන්ට එයාව කොටු වෙන්නේ.ඉතින් රියා කියන්නෙත් ගොඩක් ලස්සන කෙල්ලෙක්. ඔව් ඒ නිසා වෙන්න ඇති නේද රියා ව පැහැරගෙන යන්න හදන්නේ. ඒත් ඒක එහෙම ද?
ඔන්න ඉතින් ඔය වෙලාවේ ඇහෙන කටහඩේන් ම රියා ට හිතා ගන්න පුළුවන් වෙනවා එයාගේ ගායකයා කවුද කියලා. මොකද එයාගේ ගයකයාටත් ටික වෙලාවක් යනවා ඒ මැරයන්ව පරාද කරන්න. ම්ම් දැන් එක්කෝ අපි ගායකයා කියන්නේ නැතුව වැම්ප් කියමු. ඔහ්හ් එතකොට ඒක වැම්ප් සටනක්. ඉතින් ගමෙන් බාගයක් විතරම එනවා ඒ සටනට. රියා ට හිතා ගන්නවත් බැරි වෙනවා එයාගේ යාලුවෝ...අදුරන අය... ඒ හැමෝම දිගම දිග උල් දත් තියන වැම්පයර්ස් ලා කියලා. එයාට පොඩි කාලේ ඉදන් දැකපු එක එක සැක හිතෙන සිද්දි මතක් වෙද්දී එයා තේරුම් ගන්නවා තව‍ දුරටත් මනුස්සයෙක් ට මේ ගමේ කරන්න රාජකාරියක් නැ කියලා. ඉතින් හොදම දේ තමන්ගේ ලේ ටික ආරක්ෂා කරගෙන පණ බේරාගෙන දුවන එක. එයා ඉක්මනට එයාගේ ගෙදරට දුවගෙන ගිහින් එයාගේ අම්මයි තාත්තයි එයාට ඉතුරු කරලා ගියපු වටිනාම බඩු ටික අරන් මල්ලකට ඔබාගෙන ඉක්මනට ගෙදරින් එලියට දුවගෙන ගියා. මේ රියා දුවන්නේ මෙච්චර මාස ගානක් එයාට ලස්සන සින්දු කියපු එයාගේ ගායකයා වත් අමතක කරලා.

The illution Of Thought Where stories live. Discover now