👸❤️clg 01 - Angel's Lullaby

140 23 26
                                    

Author-:Chankbaeki_12

Username-: Dark_hurricane2004

Plot-:

Angel's Lullaby

ශාපලත් දෙව්පුතෙක් සහ සුර උරුමයක් ඇති කුමරෙකුගේ අවසර නොලද ප්‍රේමය මෙසේ ලියන්නෙමි...

"දරුවනේ මේ තියෙන්නේ වර්ෂ 2700කටත් වඩා පැරණි දියමන්ති ඔටුන්නක්... මේක අහස් දීපයෙන් පිටුවහල් කරපු කුමාරයෙක්ගේ කියලා තමයි ජනප්‍රවාදයේ කියැවෙන්නෙ..."

ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයන්ට ලස්සන ඔටුන්නක වතගොත කියා දෙනවා

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයන්ට ලස්සන ඔටුන්නක වතගොත කියා දෙනවා... ඉතාමත් ආකර්ශනීය විදිහට. ඒත් තරුණ කොල්ලො කෙල්ලො ටික නම් කෞතුක වස්තුවලට වැඩි ආසාවක් නැහැ වගේ. සමහරු තමන්ගෙ යාලුවො එක්ක සෙල්ෆි ගහද්දි සමහරු හිටගෙන නිදි... ඒත් එක කොල්ලෙක් විතරක් ඒ ඔටුන්න දිහා ඇහිපිය නොහෙළා බලාගෙන හිටියා. සැරින් සැරේ නාස් පුඩු මතටම ලිස්සලා වැටෙන බෝතල් අඩි කණ්ණාඩි දෙක දවසේ කීවෙනිදෝ වතාවටත් උඩට තල්ලු කරපු කොල්ලා දැහැන්ගත වෙලා වගේ ඔටුන්න දිහා බලන් හිටියා... ජන්ග්කුක් ජියොන්... සියොල් නගරයේ නගරාධිපතිනියගෙ එකම පුතා වෙච්ච ජන්ග්කුක් පුරාවිද්‍යාවේ රසිකයෙක්... ඉතින් හැම අවුරුද්දෙ ම වගේම මේ අවුරුද්දෙත් ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාව ජන්ග්කුක්ට බොහොම වැදගත් එකක් වුණා. ඒ වගේම කෞතුකාගාරයේ තිබුණු අඳුරු ඔටුන්න ඔහුගේ කතාවට ආරම්භයක් ලබා දුන්නා.

"සර්... මේක පිච්චිලා වගේ නේද? ඇයි ඒ?"

අත උස්සලා බොහොම ආචාරශීලීව ප්‍රශ්න කරපු ජන්ග්කුක්ට ආසාවෙන් උත්තර දෙන්න ගුරුතුමා කැමති වුණා.

"ජන්ග්කුක්... දරුවෝ... ඒක සිදුවෙලා තියෙන්නෙ කුමාරයා අහස් දීපයෙන් පිට වෙද්දි ඔහුගේ මුළු ශරීරයම අහස් භූමියේ තාප වැටිය නිසා පිළිස්සුණු වෙලාවෙ. නැත්නම් ඒ ඔටුන්න පිරිසිදු රත්‍රංවලින් හදපු එකක්..."

The illution Of Thought Where stories live. Discover now