clg 02- The Last Home (part 1)

57 9 5
                                    

Author-:Chankbaeki_12

Special-:Bl
                Fan fiction

Plot-:

ෆොලිටා-698 වර්ෂය, මෙට්‍රො බීජිං නගරය, චීනය, නව කෘත්‍රිම පෘථිවිය...

මේ අප මෙලොව දකින ක්‍රිස්තු වර්ෂය නොවේ. මිනිසා රජකළ පෘථිවිය විනාශ වී වසර දස ලක්ෂ ගණනකට පසු බිහිවූ ෆොලිට්ස් වරුන්ගේ රාජධානියයි. මිනිසා මෙන්ම දියුණු ජීවී කොට්ඨාසයක් වූ මොවුන් අතීතය නොසලකා හැර අනාගතය වෙනුවෙන් ජීවත් වන්නෝ ය. එම නිසා මොවුන් හට දියුණු වීමට ගතවූයේ වසර 600කටත් වඩා අඩු කාලයකි. පෙනුමෙන් මිනිසා තරම් ලස්සන ජීවී කොට්ඨාසයක් නොවුනත් ඔවුන්ටම ආවේණික ලස්සනක් තිබුණි. නිල් පැහැති සමක් හා දිගැටි කන් යුගලයක ට හිමිකම් කියූ ඔවුන් දුටු විට මතකයට නැගෙන්නේ ෆැන්ටසියේ අප ප්‍රියතම චරිතයක් වූ එල්ෆ්වරුන්ය. මොවුන් ජීවත් වන කෘත්‍රිම ග්‍රහලෝකය ෆොලිටා නමින් හැඳින්වෙන අතර එය මිනිසා ජීවත්වූ පෘථිවියට බොහෝ සෙයින් සමානය. ඔව් එය සාමාන්‍ය ග්‍රහලෝකයක් නොවේ හුදෙක් ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන ලද කෘතිම ග්‍රහ ලෝකයකි.

"අවුරෝරා මොනවද ඔයා කරන්නේ..."

මතක ගබඩා පිරික්සමින් යම් දෙයක් සොයන අවුරෝරා වෙත ඇයගේ මිතුරා වූ ටිම්බල්ටන් පැමිණියේය. අවුරෝරා මදක් චකිතයෙන් පැමිණි අමුත්තා දෙස බැලුවත් ඒ පැමිණියේ තමාගේ මිතුරා වූ වූ ටිම්බල්ටන් බව දුටු විට ඇයගේ මුවගට සිනාවක් නැගුණි. සිනහමුසු මුහුණින් තම මිතුරා පිළිගත් අවුරෝරා ඔහුට තමා සොයන දේ පෙන්වූවාය. ඒ මිනිසාගේ මූලික විස්තර ඇතුළත් ගොනුවකි.

"මොකද මේ කාලෙකට පස්සේ ආයෙමත්..."

"මට ආස හිතුනා ටිම්බල් මේ ගැන ආයෙත් හොයන්න... ඒ නිසයි මම ආයෙත් මතක ගබඩාවට ආවේ..."

"මේ ගබඩාවේ තියෙන්නෙ මූලික විස්තර විතරයි අපිට සම්පූර්ණ විස්තර හොයාගන්න නම් ප්‍රධාන ගබඩාවට යන්න වෙනවා අවුරෝරා..."

"මම ඒකෙත් හෙව්වා timble ඒත් කිසිම දෙයක් හම්බුනේ නෑ... ඒකෙ තියෙන්නෙත් මේකෙ තියෙන විස්තර ම විතරයි..."

ටිම්බල් මතක ගබඩාවේ ඇති විද්‍යුත් මතක ගොනු දෙස බලමින් කල්පනා කරන්නට විය. ඔහු කල්පනා කරන තෙක් අවුරෝරා නිශ්ශබ්දව සිට ඔහුට සහාය දැක්වූවා ය. විනාඩියක් පමණ කල්පනා කළ ටිම්බල් නැවත කතා කරන්නට පටන් ගත්තේය.

The illution Of Thought Where stories live. Discover now