clg 01- The Rifted World

153 21 21
                                    

Wattpad name : Nora
Username :Nononara

Name : The Rifted World

Special : Taekook fiction.

Top - Tae
Bottom - Jungkook

Intro : පින්තූර දහය දැක්කම සාමාන්‍ය කතාවක් ඔලුවට ආවෙම නෑ. ඉතින් මේ කතාව මායාව, තාක්ෂණය වගේ දේවල් මිශ්‍ර වෙලා හැදුනු කතාවක්. ෆෑන් ෆික්ශන් ගනයට අයිති වෙන සාමාන්‍යයෙන් මම ලියන කතා වගේම ටිකක් අසාමාන්‍ය කතාවක්. ලස්සන ද නැද්ද නම් දන්නේ නෑ හැබැයි.

.........................................................

ඈත අතීතයේ මිනිසුන් අනාගතය ගැන විවිධ උපකල්පන පළ කළා. ඒ විවිධ උපකල්පන අතර නිතර දකින්න ලැබුණු සමානකමක් තමයි දියුණු තාක්ෂණය. ඒත් ඒ උපකල්පනයන්වල වූ අනාගතය වර්තමානයක් කරන් ජීවත් වුන මිනිස්සු දැනන් හිටියා ඇත්ත තත්ත්වය.

ලෝකය සහ එහි තාක්ෂණය දියුණුවෙන් දියුණුවට යාමේ සීමාවේ අවසානය වූයේ 2060 වර්ෂය යි. රොබෝවරුන්ගේ දියුණුව ගැන සඳහන් වෙන අවසන් කාලය එයයි.

ඉන් මතුවට කාලය, ලෝකය ආපස්සට ගමන් කළා.

තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් මිනිස්සු ටික ටික ඈත් වෙලා ආයෙත් මායාවන් විශ්වාස කරන, අඳුරු මායාවන් ඉගෙනගන්න, අත්භූත සත්වයින් ජීවත් වෙනවා කියලා විශ්වාස කරන කාලයක් ආයෙත් ඇති වෙන්න ගත්තා.

මෙහෙම ලෝකය ආපස්සට යන්න, මිනිස්සුන්ගේ ආකල්ප නැවතත් නොදියුණු වෙන්න හේතුව?

වර්ෂ 2060 වන විට ලෝකයේ ප්‍රබල පවුල් දෙකක් විය.දකුණු කොරියාවේ කිම් පවුල සහ ඇමෙරිකාවේ ස්කොට් පවුල. තාක්ෂණයේ දියුණුවට විශාල සේවයක් කරපු පවුල් දෙකක්.

ඒත් ඔවුන් අතර තිබ්බා තරඟයක්. එකම ක්ෂේත්‍රයේ ඉන්නකොට සාමාන්‍යයෙන් ඇතිවෙන සීතල යුද්ධයක්.

2060 ඔවුන් ලෝකය වෙනස් කරන්න හිතුව අවුරුද්ද. ඔව්. ලෝකය වෙනස් වුනා. ඒත් ඒ ඔවුන්ට අවශ්‍ය වුනු විදියට නෙවෙයි.

 ඒත් ඒ ඔවුන්ට අවශ්‍ය වුනු විදියට නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The illution Of Thought Where stories live. Discover now