clg 02- The Last Home (part 2)

38 9 1
                                    


මේ අතර අවුරෝරා සහ ටිම්බල් ඔවුන්ගේ යානයෙන් මිනිස් යානය වෙත ඇතුළු වීමට මාර්ගයක් සොයමින් සිටියා.

"අපි එයාලට පණිවිඩයක් දෙමු...අපි ඇතුලට එනවා කියලා, නැත්තං එයාලා හිතයි අපි හොරු කියලා..."

"එයාලා එහෙම හිතන එකක් නැහැ... ඒත් ඔයා ඔච්චරටම කියන එකේ, හරි එහෙම කරලා බලමු..."

ටිම්බල් අවුරෝරා ගේ අවවාදය පිළිගනිමින් මිනිස් යානය වෙත තවත් විදුලි පණිවිඩයක් යොමු කළා. එහෙත් ඔවුන්ට ප්‍රති පණිවුඩ ලැබුණේ නැහැ. ඒ වෙනුවට සිදුවූයේ සිදු වූයේ මිනිස් යානයේ පතුලේ තිබූ විශාල දොරටුව විවෘත වීම පමණයි. සමහරවිට මේක මිනිසුන් දුරදිග නොබලා ගත්ත තීරණයක් වෙන්න පුළුවන්. එහෙත් මහා විශ්වයේ අතරමංව සිටින ජීවිත දහස් ගණනක් වෙනුවෙන් මෙවැනි කුඩා සංවාදයක් සඳහා ඔවුන් අවසර ලබාදීම ලබා දීම සාමාන්‍ය දෙයක්.

"දොර ඇරුණා..." ටිම්බල් කිව්වේ පුදුමයෙන්.

"මෙච්චර ඉක්මනට අපි එක්ක හාද වෙන්න මෙයාලගේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?"

අවුරෝරා කිව්වා... ඇත්තටම එයා ගොඩක් කල්පනා කරලා තීරණ ගන්න කෙනෙක්. ඉතින් මේ වෙලාවෙත් වෙනදා වගේම අව්රෝරා ගේ අදහස මිනිසාගේ අරමුණු විනිවිද යා හැකි තරම් ප්‍රබල වූ වා. ඉතින් අවුරෝරා කියපු දේට ටිම්බල් එකඟ උනේ කැමැත්තෙන්මයි.

"එහෙම වෙන්නත් පුළුවන්... මොකද කරන්නේ?"

"කෝකටත් අපි ඇතුලට ගිහිල්ලා බලමු...අඩුම තරමේ අපිට මනුස්සයා කියන්නේ මොන ජාතිය සතෙක් ද කියලවත් හොයා ගන්න පුලුවන් වෙයි නේ..."

අවුරෝරා මූලිකත්වය ගත්තා. timble ඇගේ පිටුපසින් මිනිස් යානයට ගොඩ වූ වා. ඒ යානය ඇත්තටම ගොඩක් විශාලයි. පිටතින් පේනවා ටත් වඩා විශාලයි. යානය පතුලේ තිබුණු දොරටුවෙන් ඇතුළු වූ අවුරෝරාට හා ටිම්බල්ට යානයේ ප්‍රධාන අංගනයට පැමිණීමට බොහෝ දුරක් ඇවිදීමට සිද්ධ වුණා. මගදී ඔවුන්ට හමු වූ සෝපානයකින් තත්පර ගානක් ඇතුලත මැද අංගනයට එක් තට්ටුවක් පහළ ගබඩා අංගනයකට පිවිසීමට හැකි වූවා. එම අංගනයේ තිබුණේ දැඩි ආරක්ෂාවක්. ආරක්ෂක භටයින් 50 ක් පමණ එකම කොරිඩෝවේ දෙපැත්තේ සිටගෙන සිටියා. අවුරෝරාට හා ටිම්බල්ට මෙය පුදුම සහගත කටයුත්තක් වූවා. හොරු, මංකොල්ලකාරයෝ නැති ඔවුන්ගේ ලෝකයේ කිසිදු ආරක්ෂක සේවයක් ක්‍රියාත්මක වුණේ නැහැ. පිටස්තර ලෝකයට විරුද්ධව පැනවූ ආරක්ෂක සේවාව හැර... එහෙත් එකම යානයක් තුළ තුල මොවුන් තබා තිබෙන ආරක්ෂාව කොතරම්දැයි ඔවුන්ට අදහාගත නොහැකි වූවා. එය මොවුන්ගේ ප්‍රභලත්වය ද? බයද? නැතිනම් නොදියුණු බව ද?

The illution Of Thought Where stories live. Discover now