2. මරාලේ

736 109 1
                                    

තේහ්‍යුන්ග් ආපහු කෑ ගහද්දි එම්ප්ලෝය' තවත් එතන නොයිද භූමිතෙල් ගහපු ගැරඩියා වගේ දිව්වේ ජිමින්ගෙ කැබින් එක දිහාට....

@Jimin's Cabin

දඩාස්....!!!

තාලේට සින්දුවක් මුමුණන ගමන් ඩොකියුමන්ට් එකක් කම්ප්ලිට් කරන ගමන්  හිටපු ජිමින් ගැස්සිලා දොර දිහා බැලුවේ එක පාර ඇහුන සද්දෙ නිසා...

ජිමින් දොර ගාව හිටන් රේස් දුවපු අස්සයෙක් වගේ හති හරින ජන්ග් දිහා බලන් හිටියේ ලොකු කරගත්ත ඇස් වලින්...

"හොබී හ්‍යුන්ග්...මොකද මේ....?"

ජිමින් අහද්දි ජන්ග් එහෙමත් නැත්තන් හෝසොක් ජිමින්ගෙ ටේබල් එක ඉස්සරහින් තිබුන පුටුවෙන් වාඩි වෙලා හති අරින ගමන් අතෙන් දොරයි ඊලගට ජිමින්වයි පෙන්නලා ඇගිලි දෙකෙන් ඇවිදිනවා වගේ පෙන්නුවා...

"අනේ මොන විකාරයක්ද හ්‍යුන්ග්...කියනවකො කියන දෙයක් තේරෙන්න... මගුල...මාව ගොළුවෙක් වගේ පේනවද....?"

ජිමින් මූනත් ඇද කරන් කිව්වෙ හෝසොක්ගේ මේ විකාර සංඥා එයාට නොතේරුන නිසා...

"ජ්..ජිමි..න්...ස්..සර්...එ..න්න ක්..කිව්වා...."

හෝසොක් කෙල ගිලගිල වචන ගැට ගහගන්න ගමන් කියද්දි ජිමින් ඇස් දෙකත් රෝල් කරලා කැබින් එකෙන් එලියට ගියේ ඒ ගමන පෙරලෙන්න යන මරාලේ මොකක්ද කියලා කල්පනා කරන ගමන්....


>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now