20. අවසන් ගමන

411 76 1
                                    

දින දෙකකට පෙර
කිම් සමූහ ව්‍යාපාරයට අයත් පරණ ඉඩමක,
බූසාන්

පාළුවට ගිය තණ බිමක් මැද තමන්ගේ ඉස්සරහින් ගොඩ ගහලා තිබුණ පස් ගොඩ ගාව ඉදගෙන තේහ්‍යුන්ග් මොනාදෝ මුමුණනවා...කණාමැදිරියෙක්ටවත් නොඇහෙන තරමටම...!

පස් ගොඩ උඩින් තමන්ගෙ අතේ තිබුණ ඉටිපන්දම රදවලා ඒක පත්තු කරපු තේහ්‍යුන්ග් සුපුරුදු සමච්චල් සහගත කට කොනේ හිනාව රදවන් දැවෙන ඉටිපන්දම් දැල්ල දිහාම බලන් හිටියා...

ටිකකින් පස් ගොඩ ගාවින්ම වැතිරුන තේහ්‍යුන්ග් පස් ගොඩ බදාගෙන ඇස් පියාගත්තා...

"ඔයාට එහෙම නොකර ඉන්න තිබුණා තාත්තේ...මුලින්ම මගේ අම්මාව මරාගත්තා...මං සමාව දුන්නා ඔයාට...පස්සෙ මගෙ හ්‍යුන්ග්ව මරාගත්තා...ඒකටත් මං සමාව දුන්නා ඔයාට...ඒත් ඔයා මේ පාර කරේ සමාව දෙන්න බැරි වරදක්...මේ වතාවේ ඔයා මට නැති කරන්න හැදුවේ මට මේ ලොකේ මගේ කියලා ඉතුරු වෙලා හිටපු එකම කෙනාව තාත්තේ...මං කොහොමද ඉතින් ඔයාට සමාව දෙන්නෙ...මං සාධාරණයි නේද...? බය වෙන්න දෙයක් නෑ මීට පස්සෙ ඔයාට බැ මගෙන් සමාව ගන්න වෙන විදිහේ වැඩ කරන්න...සතුටින් ඉන්න...මං ආදරෙයි ඔයාට....!"

පුංචි කාලේ ඉදන්ම ආදරනීයන්ගේ වෙන්වීම් වලින් පීඩාවිදපු තේහ්‍යුන්ග්ට තවදුරටත් නැවත නැතිවීමක් දරාගන්න තරම් යහපත් මානසිකත්වයක් නොතිබුන තරම්...!

අන්තිමේදි තේහ්‍යුන්ග් එයාගෙ අවසන් තීරණය විදිහට ගත්තේ එයාගෙ වේදනාවට මූලික හේතුව වුන මූලය මුල් පිටින්ම උදුරලා දාන එක...

ඒ තමා එයාගෙ තාත්තා , කිම් ජෝයුන්ගේ අවසන් ගමන....!




^_^

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now