3. බබා

696 109 6
                                    

ටොක්...ටොක්...ටොක්...!

"කමින්...!"

ඔෆිස් එක ඇතුලෙන් ගැඹුරු කටහඩක් ඇහෙද්දි ජිමින් හැගීමක් නැති මූණකින් දොර ඇරන් ඇතුලට ගියා...

"සර් මට එන්න කීවද...?"

ජිමින් දොර වහලා තේහ්‍යුන්ග්ගෙ මේසෙ ඉස්සරහින් හිටගන්න ගමන් ඇහුවා...

"යස් එම්ප්ලෝය' ජිමින්...මට තියෙනවා ඔයා එක්ක පොඩි ප්‍රශ්නයක් විසදගන්න...මං හිතන්නෙ ඔයා දන්නවා මං කතා කරන දේ ගැන....?"

තේයුන්ග් එයාගෙ සීට් එකෙන් නැගිටලා ටයි එක බුරුල් කරන ගමන් ජිමින් දිහාට අඩි තිබ්බත් ජිමින් නම් කලින් විදිහටම හිස් හැගීමකින් තේයුන්ග් දිහා බලන් හිටියා...

"මට තේරෙන්නෑ මිස්ට තේහ්‍යුන්ග් ඔයා කියන දෙ....මං හිතනවා සර් මට පැහැදිලිව කිව්වනම් මට පුලුවන් වෙයි තේරුම් ගන්න...!"

ජිමින් පපුව හරස් කරන් අත් බැදගන්න ගමන් තේහ්‍යුන්ග් දිහාට අලු වෙන බැල්මක් දාලා කියද්දි ටේහ්‍යුන්ගේ මූණ ඇද වෙලා ගියේ තැලිච්ච කෙහෙල් ලෙල්ලක් වගේ...

"අයියෝ බබා...මොනාද අනේ ඔයා මාත් එක්ක තරහද...?"

තේහ්‍යුන්ග් එක පාර නහයෙන් අඩන ගමන් ජිමින්ව බදාගන්න ගියත් ජිමින් එක අතක් ඉස්සරහට කරලා තේහ්‍යුන්ග්ව නැවැත්තුවේ එක ඇහි බැමකුත් උස්සලා...

"මිස්ට කිම් තේහ්‍යුන්ග්...මතක තියාගන්න අපි ඉන්නෙ ඔෆිස් එකේ එහෙම නේද...? ඔයාට අයිතියක් නෑ මට ඔය විදිහට කතා කරන්න....මං හිතන්නෙ කලින් පාර ඔයාමයි මට ඒක මතක් කරලා දුන්නේ....!"

"ජිමි---"

"සර්ට කියන්න දෙයක් නැත්තන් මම යන්නම්....!"

තේහ්‍යුන්ග් කොච්චර කතා කරත් ජිමින් එහෙම කියලා ඔෆිස් එකෙන් එලියට ගියා....

"ආශ්...හරි ඔයා එහෙම නම් මාත් එහෙමයි...බලමුකෝ බබා ඔයා කොච්චර වෙලාවක් මාත් එක්ක තරහා වෙලා ඉදීද කියලා..."

තේහ්‍යුන්ග් ජිමින් ගියපු දිහා බලන් කටකොනින් හිනාවෙලා ආපහු එයාගෙ වැඩ පටන්ගත්තා....




>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now