21. සෑම්ගෙ තොරතුර

407 78 1
                                    

ජිමින් අතුරුදහන් වුන දවසේ තේහ්‍යුන්ග් අවසිහියෙන් ගාර්ඩන් එකේ අඩ අඩ එයාට දැනුනේ තමන්ගෙ උරහිසට සීතල ස්පර්ශයක්...

"සෑම් අන්කල්...? දෙයියනේ මොකක්ද වුනේ..."

තේහ්‍යුන්ග් ස්පර්ශයේ අයිතිකාරයා දිහා විසල් කරගත් ඇස් වලින් බලන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව....

මූන පුරා තැලුම් පාරවල් වගේම ඇග පුරා ලේ පැල්ලම් රතු පාටින් පිරිලා ගිහින්...හිටන් ඉන්න තරම් තවත් ශක්තියක් ඉතුරු නොවෙද්දි සෑම් අන්කල් එතනම ඇදගෙන වැටෙද්දි තේහ්‍යුන්ග් සෑම්ගේ ඔලුව යටින් අත තිබ්බෙ ඔලුව බිම නොවදින්න...

"අනේ අන්කල් මොකද වුනේ...? චිම්...චිම්...මගේ ජිමින් කොහෙද අන්කල්...?"

තේහ්‍යුන් කදුලු සලමින් අහද්දි සෑම් පපුවට අත තියන් අමාරුවෙන් කතා කරන්න උත්සහා කරා...

"ල්..ලොකු..බ්..බේබි...ච්..චූටි...බේබි..ව..ලොකු..මහ..ත්තයාගෙ අය...එක්..කන්..ග්..ගියා..ච්..චූටි බේබි අන්..නතුරේ...එ..එයාව බේර..ගන්න...බේබි...උ..උන් මට...ගහ..ලා බෙ..බිව...අ..අරන්..ග්..ගියා..ම්..මට ඇ..හුනා..ල්..ලොකු...මහත්තයා..බ්..බූසාන්..ග්..ගැන..ක්..කෝල්...එ..එකෙන්..කි.යනවා...ඩ්..දෙයියන්..ගේ නා..මේන්..ඉක්..මනට..ය්..යන්න බේ..බි....!"

සෑම් හුස්ම අල්ල අල්ල අමාරුවෙන් කියද්දි තේහ්‍යුන්ග් සාවදානට ඒ හැම වචනයක්ම අහන් හිටියා...ඊලග මොහොතෙම සෑම්ගෙ අවසන් හුස්ම තේහ්‍යුන්ගෙ අත් දෙක උඩ යද්දිම තේහ්‍යුන්ගෙ අඩලා රතු වුන ඇස් තවත් රතු වුනේ දැනෙන කේන්තිය නිසා...

තේහ්‍යුන්ගෙ තමන්ගෙ කා' එකත් අරන් වේගෙන් බූසාන් බලා ගියේ එයාගේ ගාඩ්ලට බූසාන් වලට එන්න කියලා දැනුම් දීලා...තේහ්‍යුන්ග් දන්නවා එයා යන්න ඕනෙ තැන....!

ගමන යන අතරමග තේහ්‍යුන්ග් මුල ඉදන් වුන හැමදෙයක් ගැනම හොදින් අවබෝධ කරගත්තා...

තමන් ගේ වටේටම ජිමින්ට නොපෙනෙන්න දාලා හිටපු ගාඩ් එක එයාගෙ තාත්තා සල්ලි බලයෙන් එයාගේ පැත්තට හරවගෙන ජිමින්ව පැහැරගන්න ඇතියි කියන මතේ තේහ්‍යුන්ග් හිටියා...

_

මහා විශාල කැලයක් මැද තිබුනු කිම් සමූහ ව්‍යාපාරයට අයත් වල් වැදුන ඉඩම් බිමේ තිබුනේ පුංචි ලී ගෙයක් විතරයි...තේහ්‍යුන්ග් ඒ ඉස්සරහට වෙලා බලන් හිටියේ එයාගේ ඊලග පියවර තියන්න බලාපොරොත්තුවෙන්...!



^_^


BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now