16. එයා නැහැ...!

416 80 1
                                    

ජිමින් ගෙදර තනියම නිසා තේහ්‍යුන්ග් කලින්ම ගෙදර එන්න තීරණේ කරේ රෑ තියන්න තිබුණු මීටින් එක වෙන දවසකට කල් දාලා...

එන අතරමග කොච්චර කෝල් ගත්තත් ජිමින් ෆෝන් එක ආන්සර් නොකරපු නිසා තේහ්‍යුන්ගේ හිතට ජිමින් ගැන අනවශ්‍ය බයක් දැනුණා...

වෙනදට තේහ්‍යුන්ග් ගෙදර එද්දි අන්කල් ඇවිත් අරින ගේට්ටුව අද හායි ගාලා ඇරලා දාලා තියෙද්දි තේහ්‍යුන්ගෙ හිතේ තිබුණු බය තවත් වැඩි වුනේ 'මොකක්ම හරි අවුලක්' කියලා එයාට දැනෙද්දි...

"චිම්....! චිම් ඔයා කොහෙද...? මං ආවා....මැනික අනේ ඔයා කොහෙද...? චිම්..........! "

මෙලෝ සිහියක් නැතුව ගෙදර ඉස්සරහින්ම කා' එක නවත්තපු තේහ්‍යුන්ග් 'ඇරලා දාලා තිබුනු' දොරෙන් ඇතුලට දුවන ගමන් ජිමින්ට කතා කරත් ජිමින්ගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ...

මුළු ගේම පීරුවත් ජිමින්ගෙ හෙවනැල්ලක්වත් දකින්න නොලැබෙද්දි තේහ්‍යුන්ගෙ ඇස් වලට උණු උණුවේ කදුළු ඉනුවේ, වෙනදට තමන් ගෙදර එද්දි ලස්සන හිනාවකින් මූණ පුරවන් පොඩි ලමයෙක් වගේ එයා දිහාට දුවන් ඇවිත් 'මගේ ටේටේ' කියන ජිමින්ව මතක් වෙලා...

තේහ්‍යුන්ග් අවසිහියෙන් වගේ ගාර්ඩන් එක දිහාට ගියේ 'ජිමින් එතන ඉදීවි' කියන බොලද බලාපොරොත්තුව හිතේ ඇති කරන්...

එයා දන්නවා එයා කෑ ගහපු හැටියට ජිමින් ඉන්නවානම් අනිවාරෙන් එයා ගාවට දුවන් එනවා කියලා...ඒත් මේ වෙලාවේ තේහ්‍යුන්ග් විශ්වාස කරේ ජිමින්ට එයාව ඇහෙන්නෙ නැතුව ඇතියි කියන බොලද සිතුවිල්ල විතරයි...

"චිම්....මැනික...අනේ එන්නකෝ...කොහොද දෙයියනේ ඔයා ගියේ...චිම්....!!"

තේහ්‍යුන්ග් අඩ අඩම මුළු වත්ත පුරාම ජිමින්ව පදුරු අස්සෙත් හොය හොය දිව්වෙ ජිමින් කොයිම හරි වෙලාවක 'හූ හූ ටේටේ බයවුනා' කියාගෙන එයාගෙ ඉස්සරහට ඇවිත් විහිලු කරයි කියලා හිතලා...

ඒත් මේ වෙලාවේ තේහ්‍යුන්ග් බොලද වැඩි...! එයාට තේරුමක් නැහැ තමන් මොනාද කරන්න ඕනෙ කියලාවත්...!

අඩුම එයාට තේරුනේ නැහැ එයා මේ කරන්නෙ ජිමින්ව හොයන්න තියෙන කාලේ නිකන් නාස්ති කිරීමක් කියලා...!

"එයා නැහැ....!"

හෙම්බත් වෙලා බිම ඉදගෙන අඩන තේහ්‍යුන්ගෙ කටින් අවසානේට පිටවුනේ එච්චරයි....




^_^

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now