7. චිම්ගෙ විහිලුව

610 103 4
                                    


තේන්‍යුන්ග් දොර වහලා දොරටම හේත්තු වෙලා එයාගෙම කොන්ඩෙන් ඇදගත්තෙ ජිමින්ට එයා සැර වැඩි වුනාද කියලා හිතන ගමන්....

'ආශ් මං මොකක්ද ඒ කරේ....? තමුසේ නම් මහා මෝඩයෙක් කිම් තේහ්‍යුන්ග්....'

තේහ්‍යුන්ග් තමන්ටම බැනගෙන ටික වෙලාවක් එතනම බිම ඉදගෙන ඉදලා ආපහු නැගිටලා ජිමින්ව හොයන් ගියේ එයාගෙන් සමාවගන්න හිතන්...

තේහ්‍යුන්ග් මුලින්ම ඩයිනින් ටේබල් එක දිහාට ගියේ ජිමින් එයා බැනපු නිසා කෑම අස් කරනවා ඇති කියලා හිතන්...ඒත් එයා බලාපොරොත්තු වුන විදිහට ජිමින් නොහිටිය නිසා එයා ගෙස්ට් රූම් එක දිහාට ගියා...

ටොක්...ටොක්...!

තේහ්‍යුන්ග් ගෙස්ට් රූම් එකේ දොරට තට්ටු කරලා ජිමින් දොර අරිනකම් බලන් හිටියා...
ටික වෙලාවක් ගියත් ජිමින්ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා තේහ්‍යුන්ග් හුස්මක් පාත දාලා ජිමින්ට කතා කරා...

"චිම්...මැනික මට සමාවෙන්න...ම්..මං ඒක එච්චර හිතලා නෙවේ කිව්වෙ...මං දන්නවා මං වැරදි...මට එවෙලේ කේන්ති ගියා...කෝ...දැන් මේ දොර අරින්න ම්ම්...ටේටේට සමාව දෙන්නකෝ..."

තේහ්‍යුන්ග් එහෙම කියලා බලන් හිටියේ ජිමින් ඊලග මොහොතෙම දොර අරින බව දන්න නිසා...මොකද තේහ්‍යුන්ග් දන්නවා ජිමින්ට එයත් එක්ක ගොඩක් වෙලා තරහා වෙලා ඉන්න බෑ කියලා...

ඒත් විනාඩි පහක් ගතවුනත් ජිමින් දොර ඇරපු නැති නිසා තේහ්‍යුන්ග් හිතුවේ ජිමින්ගේ හිත හොදටම රිදිලා ඇති කියලා...

"චිම්....? දොර අරින්නකෝ බබා....මං එනවා හොදද ඇතුලට..."

තේහ්‍යුන්ග් එහෙම කියන ගමන් දොර ඇරන් ඇතුලට යන්න හැදුවත් දොර ලොක් කරලා තිබුන නිසා තේන්හුන්ගෙ බය ටික ටික වැඩි වුනා...

"චිම් විහිලු කරන්න එපා අරින්න මේ දොර...ජිමින් අරිනවා මේක....!"

>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now