10. බලාපොරොත්තු වෙන සමාව

591 98 1
                                    

ජිමින්ව VIP රූම් එකකට මාරු කරාම තේහ්‍යුන්ග් ජිමින්ගෙ බිල් එක පේ කරලා රූම් එක දිහාට ගිහින් දොර ලග හිටන් බලන් හිටියේ ජිමින්ට මූණ දෙන්න බයකින් වගේ....

තේහ්‍යුන්ග් ලොකු හුස්මක් අරන් දොර ඇරන් ඇතුලට යද්දි ජිමින් තාමත් සුව පහසු පොරෝනයක් අස්සෙ සැපට නිදාගෙන හිටියා...

තේහ්‍යුන්ගේ වේලිලා ගියපු කදුළු පාරවල් ආයෙමත් අලුත් වෙද්දි එයා හිමින් හිමින් ජිමින්ගෙ බෙඩ් එක ගාවට ලං වෙලා ලග තිබුන ස්ටූල් එකක් ඇදගෙන ඇද ගාවින් වාඩි වුනා...

හිමින් සැරේ ජිමින්ගේ බෝල අත එයාගෙ ලොකු අත් අතරට මැදි කරගත්ත තේහ්‍යුන්ග් ඒ අත උඩින් දිගු හාදුවක් තියලා ජිමින්ගේ නලලිනුත් හාදුවක් තැවරුවා...

"මැනික මට සමාවෙන්න...ඉක්මනට නැගිටින්නකෝ ...ටේටේ බලන් ඉන්නවා....ඔයා නැගිට්ටම මට ඇති තරම් බනින්න ගහන්න කෑ ගහන්න...මං මුකුත් කියන්නෑ...ඔයා කියන ඕනෙම දෙයක් මං කරන්නම් සමාව ගන්න....!"

තේහ්‍යුන්ග් හිමින් මුමුණලා ඇදෙන් ඔලුව තියන් ඇස් පියාගත්තා...තේහ්‍යුන්ග්ට මතක් වුනේ ජිමින් මුලින් ඔෆිස් එකේදි එයත් එක්ක තරහා වෙන්න හේතුවත් එයාමයි නේද කියලා...

>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now