5. නපුරු හබී

651 101 1
                                    

තේහ්‍යුන්ග් ජිමින්ගෙ කනට කරලා ඩීප් වොයිස් එකෙන් කියද්දි ජිමින් දගලන එක නවත්තලා වටපිට බැලුවාහමයි තේරුනේ තේහ්‍යුන්ග් කීවා වගේ කට්ටිය එයාලා දිහා බලන් ඉන්නවා කියලා...

"ම්..මාව අතාරින්..න..."

ජිමින් හිමින් කෙදිරුවම තේහ්‍යුන්ග් එයාව අතෑරලා කා' එක දිහාට ගියා...

"නගිනවා...!!"

තේහ්‍යුන්ග් දැඩි හඩකින් කියලා කා' එකට නැග්ගේ 'ආයේ මට කියන්න තියන්න එපා' වගේ බැල්මකුත් දාලා...ජිමින් ඒ පමාවෙන් කදුලු පිහගෙන කා' එකට නැග්ගෙ තේහ්‍යුන්ග්ට දැන් නම් හොදටම කේන්ති ගිහින් කියලා දන්න නිසා....

විනාඩි කිහිපයකට පසු....

ගෙදර එනකම් දෙන්නාගෙන් එක්කෙනෙක්වත් වචනයක්වත් කතා කරන්න මහන්සි වුනේ නෑ...

ජිමින් සයිඩ් වින්ඩෝ එකෙන් එලිය බලන් බර කල්පනාවකට වැටිලා ඉද්දි තේහ්‍යුන්ග් කා' එක එයාගේ විශාල ගෙදර ගේට්ටුවෙන් ඇතුලට දාලා කා' එක පාර්ක් කරා...

ජිමිනුත් හරි සිහියට ඇවිත් තේහ්‍යුන්ග් දිහා බැලුවත් තේහ්‍යුන්ග් ජිමින්ට ඇහැ කොනින්වත් බැල්මක් නොදී කෝට් එකත් අතට අරන් කා' එකෙන් බැහැලා ටයි එක ගලවන ගමන් ගේ ඇතුලට ගියා....

ජිමින් තේහ්‍යුන්ග් යන දිහා දුකින් බලන් ඉදලා හුස්මක් පාත දාලා එයත් ඇතුලට ගියා...

ජිමින් ඇතුලට යනකොට දැක්කේ කූල් වතුර එකක් කටේ ගහන් පඩිපෙල නගින තේහ්‍යුන්ග්ව...
ජිමිනුත් තේහ්‍යුන්ග් පස්සෙන් රූම් එක දිහාට ගියත් තේහ්‍යුන්ග් ඇතුලට ගියපු ගමන් රූම් එක දොර ජිමින්ගෙ මූනටම වහලා දැම්මේ 'ඇතුලට එන්න එපා' කියලා නොකියා අගවන්න වගේ....

ජිමින් මුකුත් නොකියාම දුකින් බර වුන ඇස් වලින් දොර දිහා බලන් ඉදලා ගෙස්ට් රූම් එකක් දිහාවට ගියේ වොශ් එකක් දාගන්න....



>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Onde as histórias ganham vida. Descobre agora