9. අනතුර

595 101 1
                                    

හොස්පිට්ල් එක ලගම තිබුන නිසා විනාඩි දහයක් යන්නත් කලින් තේහ්‍යුන්ග් හොස්පිට්ල් එකට ඇවිත් ජිමින්වත් අරගෙන ඇතුලට දිව්වේ තාමත් අඩ අඩමයි....

ඩොක්ටර්ස්ලා ජිමින්ව ICU එකට අරන් බෙහෙත් කරන්න ගද්දි තේහ්‍යුන්ග් ලග පුටුවක් උඩින් වාඩි අත් දෙක ඔලුවේ ගහගත්තේ ජිමින්ට මොකද වුනේ කියලා හිතන ගමන්...

පැය බාගෙකින් විතර ඩොක්ටර් ICU එකෙන් එලියට එද්දි තේහ්‍යුන්ග් නැගිටලා ඩොක්ටර් දිහාට ගියා...

"ඩ්..ඩොක්ටර් ම්..මගෙ චිම්...එයා හොදින් නේද....? අනේ එයාට කරදරයක් නෑ නේද....?"

"කලබල වෙන්න එපා මිස්ට----"

"තේහ්‍යුන්ග්.....කිම් තේහ්‍යුන්ග්....!"

"මිස්ට කිම් කලබල වෙන්න ඕනෙ නෑ....දැන් එයාට අවුලක් නෑ.....ඔලුව ටිකක් තදට වැදිලා නිසා ඔලුව පැලිලා තියෙන්නේ...අපි එයාට ලේ දීලා තියෙන්නේ...තව ටිකකින් එයාට සිහිය එයි..."

"ම්..මට එයාව බ්..බලන්න පුලුවන්ද....?"

"පුලුවන්...අපි එයාව නොර්මල් රූම් එකකට මාරු කරනවා දැන්...."

"තැන්කිව් ඩොක්ටර්...තැන්කිව් සෝ මච්....."

තේහ්‍යුන්ග් කියද්දි ඩොක්ටර් හිනාවෙලා ඔලුව වනලා තේහ්‍යුන්ගෙ පිටටත් තට්ටුවක් දාලා එතනින් යන්න ගියා...



>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now